හය කෝටියක චිත්‍රපටි ණය බොල්වෙලා….

හය කෝටියක චිත්‍රපටි ණය බොල්වෙලා….

ජාතික චිත්‍රපටි සංවර්ධන අරමුදල මගින් චිත්‍රපටි නිෂ්පාදනය හා සිනමාශාලා සඳහා ලබා දුන් රුපියල් හත්කෝටියකකින් හය කෝටියක්ම බොල් හෝ අඩමාන ණය බවට පත්වී ඇත.

ජාතික විගණන කාර්යාලය පවසන්නේ චිත්‍රපටි කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම අරමුදල පිහිටුවා තිබුනත් ණි. ඉකුත් වර්ෂයේ (2021) පාලක මණ්ඩල රැස්වීම් 02ක් පවත්වා තිබුණ ද සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා සක්‍රිය දායකත්වයක් ඉකුත් වර්ෂයේ මෙකී අරමුදල මගින් ලබාදීමට අවශ්‍ය තීරණ ගෙන නොතිබූ බවයි.

කළමනාකරණය මගින් ණය අය කර ගැනීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හා කළමනාකරණ අකාර්යක්ෂමතා මේ සඳහා හේතුවී ඇති බව විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ණය මුදල් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

මේ ආකාරයට ණය බොල් වීම සම්න්ධයෙන් විමසීමට ජාතික චිත්රපටි සංස්ථාවේ සාමාන්‍යධිකාරී හෝ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරයා සම්බන්ධ කර ගැනීමට ලංකා නිව්ස් ලයින් ගත් උත්සාහය සාර්ථක නොව්වෙමෙන් අනතුරුව මාධ්‍ය සංස්ථාවේ මාධ්‍ය නිලධාරියා සම්බන්ධ කරගැනීමට හැකිවූ නමුත් ඔහු කියා සිටියේ මෙවන් බැරෑරුම් කරුණක් පිළිබඳව තමන්ට කරුණු දැක්විය නොහැකි බවයි.

Related Articles