ඩග්ලස් දේවානන්දා අසරණයි

ඩග්ලස් දේවානන්දා අසරණයි

උතුරේ සිදුවන ඉන්දියානු ධීවර ආක්‍රමණයට එරෙහිව ධීවරයින් පෙළ ගැසීමක් සමගින්ම ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා අසරණ වෙන බවත් දක්නට ලැබේ.

උතුරේ සිට පැමිණි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ සාමාජිකයින් අමාත්‍යාංශයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ගේට්ටුවට ඉබි යතුරු දැමීමට කටයුතු කරමින් ධීවරයින්ගෙන් ගැලවීමට ඇමතිවරයාට සිදුවී ඇත.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට අවශ්‍ය හෙයින් මේ අවස්ථාවේදී ධීවරයන්ගේ ඉල්ලීම් ඉටුකිරීම අසීරු විය හැකි බවයි මැදහත් පාර්ශව පෙන්වා දෙන්නෙ. කාලාන්තරයක් තිස්සේ කයිට්ස් දූපත ප්‍රදේශයේ බලය තහවුරු කරගෙන සිටී ඩග්ලස් දේවානන්ද ඇමතිවරයාගේ දේශපාලන අනාගතය මෙම විරෝධතා හමුවේ බරපතළ අභියෝගයකට ලක් වී ඇති බව පෙනෙන්නට තිබේ.

පසුගියදා ඇමතිවරයාට සාකච්ඡාවක් හමාර කිරීමට සිදු වුණේ හූ හඬ මැද්දේ ය.

Related Articles