පාඨලී අනුර සංයෝගයට ඉල්ලුමක්

පාඨලී අනුර සංයෝගයට ඉල්ලුමක්

පාඨලී චම්පික රණවක සහ අනුර කුමාර දිසානායක සංයෝගයකට සමාජ ඉල්ලුමක් පවතින බවක් දක්නට ලැබේ. පසුගියදා යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූ පාඨලී චම්පික රණවක පවසා සිටියේ ත්‍රිමාන මුද්‍රණය සමාජ වල අනාගතය වෙනස් කරමින් පරිගණකගත සමාජ දියුණුවක් බලාපොරොත්තු විය හැකි බවයි.

මෙම සාකච්ඡාවට සවන්දුන් බොහෝ දෙනා පවසන්නේ අනුර කුමාර දිසානායක ගේ ජාතික ජන බලවේගය චම්පික රණවකට වේදිකාවක් විය යුතු බවයි. ශ්‍රී ලංකාවේ පරිගණකගත ආර්ථික සංවර්ධනය තුළින් ඩොලර් මිලියනයක් පමණ ආදායමක් දැනට ලැබෙන බවයි රණවක පෙන්වා දුන්නේ. මේ සඳහා අනාගත පරම්පරාවේ ද තමාගේ බලාපොරොත්තු තබන බවයි ඔහු පැවසුවේ.

මේ වන විට චම්පික එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ සමඟත් සමීප සාකච්ඡාවක සිටින බවයි ආරංචි වන්නේ. චම්පික රණවක ප්‍රධාන දේශපාලන ව්‍යාපාර වත් පත්වී ඇත්තේ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ගේ නිදහස් අධ්‍යාපන අරගලය මෙරට ගෙන යෑම සඳහා සංවිධානය කොට ඇති 43 සේනාංකයයි.

පාඨලීට විකල්ප වේදිකාවක්
සජිත් ප්‍රේමදාසගේ පක්ෂය පවසන්නේ මෙය සජිත් අභිබවා චන්ද්‍රිකා ඉදිරියට ඒමට ගන්නා වැඩපිළිවෙළක් බවයි. විපක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගියදා කියා සිටියේ චම්පික රණවක සජිත්ගේ විපක්ෂ නායකකම ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

මේ ප්‍රකාශය ඇත්ත නැත්ත කුමක් වුවත් පාඨලී චම්පික රණවක ඉදිරිපෙළ නායකයෙක් වශයෙන් ඉස්මතු වෙමින් සිටින බව පැහැදිලිය. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කොට එහි නායකත්වයට පත්වීම එක් විකල්පයක් වන අතර ජාතික ජන බලවේග එක් වීම තවත් විකල්පයකි. මේ විකල්ප දෙකට අමතරව පාඨලී චම්පික රණවකට තනියම නැගී සිටීමට හැකියාවක් තිබේද යන්න කීමට තාමත් කල් වැඩිය.

Related Articles