රනිල්ගෙන් ආණ්ඩුවට දූස්රාවක්

රනිල්ගෙන් ආණ්ඩුවට දූස්රාවක්

දූස්රා පන්දුව යනු පිට දඟ පන්දුව සේ පෙනෙන එහෙත්ත් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට දඟ කැවෙන පන්දුවකි. පිට දඟ පන්දුවේ විදිහටම ඇඟිලි කරකවමින් එවන ගමන් කරන පොඩි වෙනස්කමක් හේතුවෙන් දූස්රාව අනිත් පැත්තට කැපී යයි. දේශපාලන ක්‍රීඩා පිටිය තුළ මෙවැනි දුස්රා පන්දු යැවීම සම්බන්ධයෙන් නම් දරා සිටින ක්‍රීඩකයා වන්නේ රනිල් වික්‍රමසිංහ ය.

විපක්ෂයේ හිඳිමින් ආණ්ඩුවට මගපෙන්වන රනිල් වික්‍රමසිංහ මේ වන විට අපුරු දූස්රාවක් යවා තිබේ. හැම මාසයකම පළමු සතියේ දී රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කොට තිබේ.

ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියනයකට වඩා අඩු බවට තොරතුරු ලැබී තිබෙන බව කී වික්‍රමසිංහ මහතා රජයේ විදේශ විනිමය සංචිතය පිළිබඳව පැහැදිලි තොරතුරු රජයට ලබාදිය යුතුව තිබෙන බවද සඳහන් කළේය. “එවිට අපට ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට හැකියාව තිබෙනවා.” යැයි රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ තුළින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් මරා ගැනීමේ හැකියාව ලැබෙන බවයි විචාරකයින් පෙන්වා දෙන්න. එක් අතකට මේ තොරතුරු තුළින් හිර වී තිබෙන ණය උගුල පිළිබඳව නිරන්තරයෙන්ම කතා කළ හැකි වෙනු ඇත. අනෙක් අතට ණය උගුලෙන් ආණ්ඩුව බේරා ගැනීම සුපිරි උපදෙස් ලබා දෙන්නා බවට රනිල් වික්‍රමසිංහට පත් විය හැකිය.

Related Articles