අතුරුදහන්  වුවන් පහළොස් දහසෙන් විමර්ශන හැටපහයි…

අතුරුදහන් වුවන් පහළොස් දහසෙන් විමර්ශන හැටපහයි…

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත් නොවන බව පවසයි.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය නඩු 14,968 න් 65 ක් සඳහා පමණක් ලියකියවිලි සකස් කර අවසන් කොට ඇත.

“ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවන ලද්දේ 2016 දී ය. එහි ප්‍රගතිය ගැන මම සතුටු වන්නන් බැහැ . නඩු 14,968 ක් සඳහා වගකීම පැවරී ඇති නමුත්, ඒවායින් 65 ක් සඳහා පමණක් ලියකියවිලි සම්පූර්ණ කර ඇත. ඉදිරි වසර දෙක ඇතුළත මේ වැඩකටයුතු අවසන් කිරීමට අපි අපේ උපරිමයෙන් උත්සාහ කරනවා,” යැයි අඟහරුවාදා (අගෝස්තු 30) දිනට යෙදී තිබූ අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් මාධ්‍ය අමතමින් ජනාධිපති නීතිඥ ආචාර්ය රාජපක්ෂ මහතා පැවසීය.

අතුරුදහන් වූවන් අතර දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) හිටපු සාමාජිකයින්, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ නිලධාරීන්, එල්ටීටීඊයට බලහත්කාරයෙන් බඳවා ගත් අය සහ අතුරුදහන් වූවන් සහ දැන් විදේශගතව සිටින අය ද සිටින බව ඇමතිවරයා පැවසීය.

“බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්වලට ලක්වූවන්ගේ ඥාතීන්ට ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට හෝ ඔවුන්ගේ නඩු පිළිබඳව විමර්ශනයක් කිරීමට අයිතියක් ඇත. අතුරුදන්වීමේ සහතිකය දෙන්නේ වන්දි ගෙවීමේ අරමුණින්,” යැයි ඇමතිවරයා ප්‍රකාශ කළේය.

Related Articles