අදායම්  වියදම් පරතරය 237% ක්…

අදායම් වියදම් පරතරය 237% ක්…

සැප්තැම්බර් මාසයේ රටේ සමස්ත වියදම රුපියල් මිලියන 406,609ක් වන අතර එය ආදායමට සාපේක්ෂව 237%කි. මේ තත්ත්වයන් තුළ යම් අපහසුතාවන් පැවතිය ද බදු ගෙවීම අත්‍යාවශ්‍ය කරුණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ලක්ෂ 68ක් වන රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් පවුල් 3,911,757ක් හෙවත් 57.7%ක ප්‍රතිශතයක් ජීවත්වීම සඳහා රජයෙන් ආධාර අපේක්ෂාකරති.

“අපේ රටේ සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 68ක්. ඉන් පවුල් 17,050,000ක් සමෘද්ධිය ලබමින් සිටිනවා. තවත් පවුල් 416,867ක් වැඩිහිටි දීමනාව ලබනවා යැයි මුදල් රාජ්‍ය අමාතයවරයා පවසයි.

ඒ අනුව පවුල් 3,911,757ක් හෙවත් සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 57.5%ක් රජයෙන් ආධාර බලාපොරොත්තු වෙති .

මේ ජනතාව ජීවත් කරවීමේ වගකීම මේ රටේ සහෝදර ජනතාවගේත් වගකීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පෙන්වා දෙයි.

Related Articles