අධි අරක්ෂක පනත රිවස්‌ කරගන්න – මානව හිමිකම් කොමිෂන් සභාවෙන්  උපදෙසක්….

අධි අරක්ෂක පනත රිවස්‌ කරගන්න – මානව හිමිකම් කොමිෂන් සභාවෙන් උපදෙසක්….

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කළේ, රාජ්‍ය රහස් පනත යොදා ගනිමින් අධි ආරක්ෂක කලාප ප්‍රකාශ කිරීමෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කෙරන බවයි.

අංක 2298/53 දරන ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජයට උපදෙස් දී සිටී.

මානව හිමිකම් නීතීවෙදිනී කිශාලි පින්ටෝ පවසන්නේ රාජ්‍ය රහස් පනත යොදා ගනමින් අධිආරක්ෂක කලාප ප්‍රකාශ කිරීම අනුවණ සහ අර්ථවත් නොවන ක්‍රියාවක් බවයි. නරක සහ ව්‍යාකුල නීති වල මිශ්‍රණයක් වන මේ ගැසට් පත්‍රය පොලිස් රාජ්‍යකට අතවැනීමක් විය හැකි බව නීතීවේදිනී කිශාලි පින්ටෝ පවසයි.

“නිල රහස්” බහිරවයා දැන් බෝතලයෙන් මුදා හැර ඇති බැවින්, මානව හිමිකම් වලට වින කරන තවත් බොහෝ දේ සිදුවිය හැකි බව නීතීවේදිනී කිශාලි පින්ටෝ පෙන්වා දෙයි.

Related Articles