අරගලකරුවන් ගැන  විශ්වාසය  නැතිවුනා -පොලිස් ප්‍රකාශක…

අරගලකරුවන් ගැන විශ්වාසය නැතිවුනා -පොලිස් ප්‍රකාශක…

මහජන සාමය කඩවන ලෙස සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා වන අයුරින් අරගලකරුවන් කටයුතු කල හෙයින් ඔවුන් ඉවත් කිරීමට සිදුවූ බවයි පොලිස් ප්‍රකාශක නිහාල් තල්දුව ප්‍රකාශ කරන්නේ.

රටේ අටවෙනි විධායක ජනාධිපතවරයා පත්ව සිටින අවස්ථාවක ඔහුට වැඩකරගෙන යාමට කාර්යාලයක් නොමැතිවූ විට ඒ පිළිබඳව ක්‍රියාත්මක වීම පොලීසියේ වගකීම බව පොලිස් ප්‍රකාශයා පැවසීය.

විදෙස් මාධ්‍යවේදීන් හට ප්‍රහාර එල්ල වීම පිළබඳව තමන්ට වාර්තා වී නැති බවත්, ගැටුම් වාර්තා කිරීමේදී ආරක්ෂිතව හොදින් හදුනා ගත හැකි ආකාරයට වර්තාකරණයේ යෙදීම වැදගත් බව පොලිස් ප්‍රකාශක නිහාල් තල්දුව මාධ්‍ය වේදීන්ට අවවාදයක්ද ලබා දුන්නේය.

මේ අතරවාරේ පොලිස් මාධ්‍ය හමුවට ප්‍රතිචාර දැක්වූ නීතිවේ දී මනෝජ් නානායක්කාර පැවසුවේ ප්‍රහාරය මෙහයවුයේ ආරක්ෂක ඇඳුමට සමාන ඇඳුම් වලින් සැරසුන පිරිස් බවත් ඇතැම් අවස්ථා වලදී පොලිස් නිලධාරීන් අරගලකරුවන් බේරා ගත් බව පැවසීය.

ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් සහ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙක් මෙම ප්‍රහාරය මෙහයවූ බව නීතිවීදීහු පවසති.

තමන් මෙම ස්ථානයෙන් ඉවත් වෙන බව පොලිසියට දන්වා තිබියදී සහ අවම බලය භාවිතා කලයුතු ආකාරය නීතියේ සදහන්ව තිබියදීත් පොලීසිය මෙසේ කටයුතු කිරීම අනීතික බව නීතීවේදීහු පෙන්වා දෙති.

Related Articles