අරගලයේ  හඬ  ජිනීවාවලට…

අරගලයේ හඬ ජිනීවාවලට…

මේ අතර ජන අරගලයේ ප්‍රධානම භූමිකාවක් කළ නීතිඥ නුවන් බෝපගේ සහ ෂෙහාන් මලක ජීනිවාහි 51වැනි මානව හිමිකම් සැසිවාරය ඇමතීම සඳහා (10) ජිනීවා නුවරට ගොස් සිටිති.

රාජ්‍ය ත්‍රස්තවාදය අහිමි කරන මිනිසුන්ගේ ජීවිත ගැන කථා කරන් බවත් යුරෝපයේ ඩෙන්මාර්ක් ,ඉතාලිය , සහ ප්‍රංශයේ නගර ගණනාවකදී අරගලයට සහය දක්වන පිරිස් හමුවෙන බව ජිනීවා සිට කතා කල ෂෙහාන් මලක පැවසීය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය එළඹෙන 12 වෙනිදා සිට ඔක්තෝම්බර් 07 වෙනිදා දක්වා පැවැත්වෙයි.

පසුගිය වසර ගණනාවක් තුළ අ.වි.ශි.බ.ම නීතිමය කටයුතු වලට මැදිහත් වූයේ නීතිඥ නුවන් බෝපගේ මේ හමුවීම් වලට එක්වීමට නියමිතය. ඔහු ගෝල්ෆේස් අරගලයට සක්‍රීය දායකත්වය සහ නීතිමය මැදිහත්වීමක් සිදුකළේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කළේ මේ වනවිට තමන් වෙත එල්ල වී ඇති රාජ්‍ය මර්දනය පිළිබඳවවත් ජන අරගලය වෙත ආණ්ඩුව එල්ල කරමින් ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී බලපෑම පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම නුවන් බෝපගේ ගේ ජිනීවා ගමනේ අරමුණ වී ඇති බවය.

Related Articles