අර්ජුන -ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම  ඇරඹේ…..

අර්ජුන -ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම ඇරඹේ…..

ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ලබාදුන් අර්ජුන රණතුංගට කළ නොහැකි දෙයක් තිබින ඒ ක්‍රිකට් පරිපාලනය තම අතට ගෙන ජයග්‍රාහී ශ්‍රී ලංකා පිලක් ගොඩනැගීමයි. රනිල් වික්‍රමසිංහ ආගමනයත් සමඟ ජාතික ක්‍රීඩා මණ්ඩලයේ සභාපති තනතුරට පත්වූ අර්ජුන රණතුංග රුපියල් කෝටි ගණනක් වැය කර විදේශ සංචාරයක නිරත වීමට සූදානම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනකුගේ ගමන අත්හිටු වීමට කටයුතු කළේය.

හැරෙන තැපෑලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සමාගම පිළිතුරු මාධ්‍යගත කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් හත් දෙනෙකු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අදාළ ‘නිල කටයුතු’ අරමුණු කරගත් සංචාරයකට මිස වෙනත් යමකට නොයන බවයි ඔවුන් පවසන්නේ.

ස්වෙච්ඡාවෙන් සේවය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ ප්‍රතිරූපයට රණතුංග හානි කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ.

දැවැන්ත වාණිජ අවස්ථා උදාකර දිය හැකි පුද්ගලික අංශයේ නියෝජිතයන් හමුවීමට, ශ්‍රී ලංකාවේ අනාගත තරග සංචාර වැඩසටහන් සහ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ගැටළුව වන්නේ ගමනේ වියදම සහ ප්‍රතිලාභ සැසදෙන්නේද යන්නයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීනව කළමනාකරණය කරන ආයතනයක් මෙන්ම ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමෙන්, කණ්ඩායම් අනුග්‍රාහකත්වයන් විකිණීමෙන් සහ තරග විකාශන අයිතිය විකිණීමෙන් උපයාගන්නා අරමුදල්වලින් පමණක් එහි මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කරයි.

මේ පිළබඳව මහනුවරදී මාධ්‍ය හමුවකට එක්වූ අර්ජුන පැවසුවේ :

‘ක්‍රිකට් ආයතනයේ සිටින නිලධාරීන් හත් දෙනෙක් විදේශ රටක විනෝද චාරිකාවක් යාම සඳහා අනුමැතිය ඉල්ලා තිබුණා. එහිදී ඒ අයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකක් පත් එසේම ඒ යන රටවල්වල නැවතීම සඳහා ඉහළම හෝටල්වල නැවතීමේ පහසුකම් සමග ඔවුන්ට දිනකට ඩොලර් 650ක් ගෙවීමට නියමිතව තිබුණා. අපි ක්‍රීඩා සභාව හැටියට ඊට විරුද්ධ වුණා. මේවා නවත්වනකොට අපිට ප්‍රශ්න එනවා. මම මෙතැනට ආවේ හරි දේ කරන්න.’ යැයි අර්ජුන රණතුංග පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාර්ලිමේන්තුවේ කෝප් සභාව ඉදිරියේ කීප වතාවක්ම ප්‍රශ්න කිරීම් වලට ලක්වූ ආයතනයකි.

හිටපු කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති පැවසුවේ කෝප් නිළධාරින් ගේ ආකල්පය වී ඇත්තේ ‘මේවා අපි හම්බ කරන සල්ලි ඒ නිසා අපිට ඕනෑ ආකාරයට වියදම් කරනවා ‘ යන්න බවයි. මේ වන විට ඇෆ්ගනිස්තානයටත් පරාජය වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ජයග්‍රහණය කරවීමේ මග අර්ජුන රණතුංග විසින් හෙළිපෙහෙළි කලයුතුය එහෙත් ඊට පෙර අර්ජුන රණතුංග ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ ජයගත යුතුය. එය දිනාගැනීම ලෝක කුසලානය දිනා ගැනීමට වඩා අසීරු විය හැකි බවයි ක්‍රීඩා වාර්තා කරුවන් පවසන්නනේ.

Related Articles