කඳාන ආධුනික කප්පම්කරුවන් …..

කඳාන ආධුනික කප්පම්කරුවන් …..

කඳාන හපුගොඩ වාසය කරන බස්රථ හා ඉන්ධන හල් හිමිකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතා කප්පම් කරුවන්ගෙන් බේරා ගෙන වාහනය යළිත් ලබා ගැනීමට හැකිවී ඇති නමුත් ප්‍රධාන මෙහෙයුම්කරු තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.

මෙම පැහැර ගැනීමේ දී කප්පම්කරුවන්ට තොරතුරු ලබාදුන් පුද්ගලයින් පිළිබඳවද පොලීසිය තමන්ගේ අවධානය යොමු කොට ඇත.

විස 22 වියැති වැඩිමල් පුතු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම සඳහා යොදාගත් උත්සාහය ව්‍යර්ථවී යාමේ සිදුවීමක් ඊයේ වාර්තා විය. හැඳල වත්තල මාර්ගයේ දී මෙම පුත්‍රයා රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක ගමන් කරමින් සිටියදී කෙරවලපිටිය ප්‍රදේශයේ කොමර්ෂල් බැංකුව අසළදී ඔහුට පහරදී වාහනය සමග ඔහුව පැහැරගෙන ගොස් ඇත.

ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබා දී ලක්ෂ පනස් හයක කප්පම් ඉල්ලා ඇති අතර පුත්‍රයා නිදහස් කර ගැනීමට ව්‍යාපාරිකයා එම මුදල තැන්පත් කර තිබේ.

පැහැර ගත් පුත්‍රයා ත්‍රීරෝද රථයකින් ඇරලවා රේන්ජ් රෝවර් මෝටර් රථය වත්තල වෙළෙඳ සංකීර්ණයකට ගෙනවිත් දමා ඇත.

කප්පම්කරුවන් ආධුනික හොරුන් බව පෙනීයන්නේ ඔවුන් ජා -ඇල සාප්පු සංකීර්ණයක් අසල වාහනය නවතා යද්දී ඔවුන්ගේ සේයා සීසීටීවී වල සටහන් වීම පිළිබඳව නොසැලකිලිමත් වී ඇති හෙයිනි.

තරුණයා ත්‍රිරෝද රථයෙන් පැහැර ගත් දෙදෙනාද ඔහුව ගෙනවිත් බස්සවද්දී පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. මුදල් තැන්පත් කරන්නට ලබාදුන් ගිණුම් අංකයට අදාළ ගිණුම් හිමියාද දැන් අත් අත්අඩංගුවේය.

නඳුන් කෞෂල්‍ය දැන් නිදහස් වී ඇතත් මේ ආකාර කප්පම් ගැනීම් නතර කිරීම සඳහා දැඩි පොලිස් විමර්ශනයක් අවශ්‍ය වී ඇත.

Related Articles