කඳුකර  කොටියා මරුට…

කඳුකර කොටියා මරුට…

නුවරඑළිය, රාගල, හයිෆොරස්ට්, කහවත්ත ප්‍රදේශයේදී කම්බි මඳුවකට හසුව මිය ගොස් සිටියදි කඳුකර කොටියෙකුගේ සිරුරක් සොයා ගත්බව නුවරඑළිය වනජීවී නිලධාරීහු පවසති. සතුන් ඇල්ලීම සඳහා එළවළු කොටුවක අටවන ලද කම්බි මඳුවකට හසුව මෙම කඳුකර කොටියා ඊයේ මිය යන්නට ඇති බවද එම නිලධාරීහු සඳහන් කරති.

කඳුකර කොටියා හොඳින් වැඩුණු අඩි හතක් පමණ දිග පිරිමි සතෙකු බව වනජීවී නිලධාරීහු පවසති.

මිය ගිය කොටියාගේ මළ සිරුර මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට රැගෙන යාමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබිණි.

Related Articles