ගෝඨා මාලේ යයි – ගැටළු රැසක්

ගෝඨා මාලේ යයි – ගැටළු රැසක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම මාලදිවයින බලා නික්ම ගොස් ඇති අතර මේ වන විට ඒ අශ්‍රිතව ගැටළු රැසක් ඇතිවී තිබේ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් රටින් පිට වීමේදී වැඩ බැලීමේ ක්‍රියා පිළිවෙලක් අනුගමනය කළයුතු නමුත් එවැන්නක් සිදු කොට ඇති බවක් දැන ගන්නට නැත .

අනෙක් අතට ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම කථා නායක වරයාට ලබා දී ඇති බව වාර්තා වුවත් එම ලිපිය ප්‍රකාශයට පත්වී නැත.

ජනාධිපතිවරයා,ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයකු මෙසේ පිටත්ව ගොස් ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් – 32 ( ඒ.එන්.- 32 ) වර්ගයේ ගුවන් යානයකිනි .

අද අලුයම 01.45 ට පමණ බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් ජනධිපතිවරයා පිටත්වූ අතර මාලදිවයිනේ වෙලානා අන්තර් ජාතික ගුවන් තොටුපලට ගුවන් යානය ගොඩ බැස්වීමට මුලින් අවසර ලබානොදුන් බවත් පසුව පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් නෂීඩ් මැදිහත් වීමෙන් පසු මෙම අවසරය ලැබුන බව මාලදිවයින් මිහාරු වෙබ් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපති වරයෙක්ද වන නෂීඩ් ශ්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත්වීම සම්බන්ධයෙන් ශ්‍රි ලාංකික ජනතාවගේ කෝපයේ වගකීම භාර ගන්නේ කවුද? යනුවන් නෂීඩ්ට විරෝධය පල කරන පිරිස් ප්‍රශ්න කරමින් සිටිති .නෂීඩ් තවමත් මේ සම්බන්ධයෙන් නිහඬය.

ගෝඨාභයගේ පැමිණීම ගැන මාලදිවයින් ආණ්ඩුවද දක්වන්නේ නිහඬතාවයි. සාමකාමිව බල පරිවතනය සිදු කිරීම කළයුතු බව තානාපතිවරුන් රැසක්ම අදහස් දක්වා ඇත.

Related Articles