චීනයේ  මුරණ්ඩු  පිළිවෙත  නිසා ලංකාව  අමරුවේ   වැටෙයිද ?

චීනයේ මුරණ්ඩු පිළිවෙත නිසා ලංකාව අමරුවේ වැටෙයිද ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වරයෙක් වන ආචාර් ය ඩබ්ලියු. විජේවර්ධන පවසන්නේ ශ්‍රිලංකාවේ ණය වලින් 52% හිමි චීනයේ මුරණ්ඩු පිළිවෙත හේතුවෙන් ලංකාව අමාරුවේ වැටීමේ ඉඩක් තිබෙන බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාමාන්‍ය පිළිවෙත වන්නේ මුලික ණය මුදලෙන් සියයට 30 ක් සියයට 40 ක් පමණ කපා හරින ලෙස ණය හිමියන්ගෙන් ඉල්ලා සිටීමයි. එ ඒ සමගම නැවත ගෙවීමට නියමිත කාලය දී ර් ග කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. එම නිසා එහිදී පාඩු විඳින්නට ණය හිමියන් එකඟ විය යුතුයි. ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ ණය හිමියන් ඒ සඳහා එකඟ වෙතැයි බලාපොරොත්තුවේ.

එහෙත් චීනයේ ප්‍රතිපත්ති මීට වෙනස්ය. චීනය ණය කපා නොහැර තවත් ණයක් ලබාදීම සාමාන්‍ය පිළිවෙතයි . ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවේ අනෙක් ණය හිමියන් ද මුළු ණය ඉල්ලා සිටීමට ඉඩ තිබෙන බව ආචාර් ය විජේවර්ධන පෙන්වා දෙයි.

එවිට ශ්‍රී ලංකාවේ විදේශ ණය තත්වය එසේම පවතින අතර තත්ත්වය තවත් උග්‍ර වනු ඇත.

Related Articles