ජාත්‍යන්තර ණය ගෙවන වැඩ පිළිවෙල ප්‍රමාදයි

ජාත්‍යන්තර ණය ගෙවන වැඩ පිළිවෙල ප්‍රමාදයි

නීතිපති දෙපාර්තමේන්තුවට විසින් ඩොලර් බිලියන 51 ක ණය ප්‍රතිවුහ ගත කිරීමේ වැඩ පිළිවෙල ප්‍රමද වෙමින් පවතී
කැබිනට් අනුමත මූල්‍ය හා නීති උපදේශකවරුන් වන Lazard සහ Clifford Chance වෙත රජයේ අනුමැතිය ලබාදීම ප්‍රමාද වීමත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට කාලය අවසන් වෙමින් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය සහ නීති උපදේශකයින්ගේ නියෝජිතයින් ජුලි 15 හෝ 16 දිනට නියමිතව තිබූ ඩොලර් බිලියන 1 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය ඇතුළුව ඩොලර් බිලියන 6.4 ක විදේශ ණය ඇතුළු ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික නිරීක්ෂණ අවසන් කිරීමෙන් පසු දිවයිනෙන් පිටව ගොස් ඇත.

රට තුළ පවතින ආර්ථික ව්‍යසනයක් මධ්‍යයේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලට (IMF) ඉදිරි වසර තුන තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක ණයවලින් ඇප දීමට සිදුවනු ඇත.

පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බහුපාර්ශ්වික ණය දෙන්නන්ගෙන් අරමුදල් කඩිනමින් ලබා ගෙන ජූලි මාසයේදී ගෙවීමට නියමිත ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ණයහිමියන් හට ගෙවීමට ඇති ඩොලර් බිලියන 11 ක ණය ප්‍රතිව්‍යුහගත කිර්රෙමට නියමිත් අතර ඒ හේතුවෙන් ඔවුන් හට විශාල පාඩුවක් සිදුවීමට ඉඩ ඇත .

Related Articles