ත්‍රීවීල්  හොරකමට ගමක ගුටි….

ත්‍රීවීල් හොරකමට ගමක ගුටි….

නාත්තන්ඩිය නගරය ආසන්නයේදී ත්‍රිරෝද රථ රියදුරුකුගෙ ගෙලට ලණූවක් දමා සිරකර පිහියෙන් ඇණ රථයක් සොරකම් කිරීමට උත්සාහ කල දෙදෙනකුට ගම්වාසීන් ගුටි පුජාවකින් සංග්‍රහ කොට පොලිසියට භාර දී තිබේ.

එක පුද්ගලයෙක් ත්‍රීරෝද රථ රියදුරාගේ ගෙල ලණුවකින් හිරකරන අතරවාරේ අනෙකා ගෙල ප්‍රදේශයට පිහියකින් ඇණ තිබේ. පිහිපාර කා ගෙනම පැනගත් රියදුරා යතුරු පැදියක තරුණයින්ට මේ බව පවසා ඇති අතර ඔවුන් හොරුන් දෙදෙනා හඹා ගොස් සොරා ගෙන යමින් තිබු ත්‍රිරෝද රථය ලුහු බැඳ ඔවුන් අල්ලා ගෙන් ඇත. එතැනට රොක්වූ ගම්වාසීන් හොරුන් දෙදෙනාට දැඩි ලෙස පහරදී ඇත.

ගම්වැසියන්ගේ පහර කෑමට ලක්වු සොරා මාරවිල රෝහලින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යව ඇත.

Related Articles