ත්‍රී  රෝද  රථ  වලට  සුර්ය  බලය…..

ත්‍රී රෝද රථ වලට සුර්ය බලය…..

මිලියන තුනක් පමණ වූ ස්වයං රැකියාලාභීන් පවතින ආර්ථික අර්බුදයෙන් බැට කමින් සිටිති .

ශ්‍රී ලාංකිකයන් ජාතික බංකොලොත් භාවයේ සහ එය නිර්මාණය කර ඇති පුලුල්ව පැතිරුනු අර්බුද වල පූර්ණ බලයට මුහුන දී සිටිති.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කිලෝ මීටරයක් සඳහා ගාස්තු රුපියල් 100 ඉක්මවා ගොස් ඇති බවත් ගමන් ගන්නා මගීන් අඩුවී ඇති බවයි. ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය ක්‍රියාත්මක නොවන බවයි ත්‍රිරෝද රථ රියදුරන් පවසන්නේ .

විදුලි හා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ පිළිබඳව ඉදිරිපත් වී ඇති අදහස හොඳ එකක් වන නමුත් පෙට්‍රල් වලින් ධාවනය වන ත්‍රී රෝද රථ පරිවර්තනය කිරීමේ පිරිවැය රුපියල් 600,000 සිට 700,000 දක්වා වන අතර මේ වියදම දැරීම අසීරු බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත් ඉන්ධන පිරවූව්ම් හල්වල. විදුලි ආරෝපණ මධ්‍යස්ථාන සහ සූර්ය පැනල ජාලයක් පිහිටු වන්නේ නම් යම්තාක් දුරකට ප්‍රශ්න විසඳා ගත හැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පෙන්වා දෙයි.

Related Articles