දුර ගමන් ගුවන් සේවා  ශ්‍රී  ලංකාව  මග හැර යයිද?

දුර ගමන් ගුවන් සේවා ශ්‍රී ලංකාව මග හැර යයිද?

ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන සැපයුම් තීරනාත්මක ලෙස පහළ මට්ටමක පවතින අතර ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) පවසන්නේ දුර ගමන් ගුවන් සේවා ශ්‍රී ලංකාව මග හැර යාමට ඉඩ තිබෙන බවයි.
තොග කඩිනමින් පුරවා නොගන්නේ නම් රට තුළට සහ ඉන් පිටත ගුවන් ගමන්වල සැලකිය යුතු අඩුවීමක් ඇති විය හැකි බව ගුවන් සේවා කර්මාන්ත ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍ය විකුණුම් නියෝජිතයින්ට සහ ප්‍රාදේශීය ගුවන් සේවා කාර්යාලවලට ඔවුන්ගේ සැපයුම් කරුවන්ට මාස ගනනාවක් තිස්සේ මුදල් ගෙවා නැත.

ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම පවසන්නේ මේ මාසය අවසන් වන තෙක් හෝ මේ තත්වය කළමනාකරණය කිරීමට උත්සාහ ගන්නා බවයි .

මේ සතියේ ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට ගුවන් සමාගම් නියෝජිතයෝ සහභාගි වූ අතර . ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇත්තේ සතියක සංචිත පමණක් බවත් තවත් ප්‍රසම්පාදනය කිරීමට හැකියාවක් නොමැති බවත් ඔවුන්ට දන්වන ලදී. තුන්වන පාර්ශ්වයක් හරහා ගුවන් යානා ඉන්ධන ලබා ගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව ද ඔවුන්ට පවසා ඇත.

ජාතික ගුවන් සේවය වන ශ්‍ රීලංකන් එයාර්ලයින්ස් මාසයක කාලයක් තිස්සේ දකුණු ඉන්දියාවේ චෙන්නායි සහ ත්‍රිවන්ද්‍රම් ගුවන් තොටුපළින් ඉන්ධන සපයා ගෙන ඇත .

Related Articles