දුර බැහැර උසස්  පෙළ  ප්‍රතිපල  හොඳයි….

දුර බැහැර උසස් පෙළ ප්‍රතිපල හොඳයි….

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2121 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 171497 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.

උසස් පෙළ විභාගයට අයදුම්කළ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් එම පිරිස සියයට හැට දෙකකි.

2021 උසස් පෙළ විභාගයෙන් කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත්තේ බදුල්ල කැන්දගොල්ල මහ විදුහලේ ඉශාර ලක්මාල් සිසුවාය. 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් වානිජ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න සිසුවිය සමත් වූවාය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි ඇය වානිජ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.
ජීව විද්‍යා අංශයෙන් මඩකලපුව ශාන්ත මරියා විද්‍යාලයේ තමිලවන් කුරුගේෂ්ද, ගණිත අංශයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් ද ඉංජිනේරු තාක්ෂණවේදය යෙන් – නාරම්මල මයුරපාද මධ්‍ය මහ විද්‍යාලයේ නෙරන්ද දිල්හාර ද, ජෛව තාක්ෂණවේද යෙන් ඉසුරි පබසරා ලොකුපතිරගේ ද ප්‍රථම ස්ථාන ලබා ඇත.

මෙවර වඩාත් හොඳ ප්‍රතිපල ලැබී ඇත්තේ ප්‍රධාන නගර වලින් දුර බැහැර පාසල් වලිනි.

Related Articles