දේශගුණ  විපර් යාස  වලක්වන්න  ලංකාවෙන්  පොරොන්දු….

දේශගුණ විපර් යාස වලක්වන්න ලංකාවෙන් පොරොන්දු….

හරිතාගාර වායු විමෝචන අඩුකිරීම සඳහා බලශක්තිය, ප්‍රවාහන, කර්මාන්ත, අපද්‍රව්‍ය, වනාන්තර හා කෘෂිකර්ම යන අංශවල හරිතාගාර වායු විමෝචන 14.5%කින් අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ප්‍රතිඥා ලබා දී තිබේ.

විමෝචනය වන හා අවශෝෂණය කරන කාබන් විමෝචන ප්‍රමාණය සමාන වීම හෙවත් කාබන් උදාසීනතාවය 2050 වසර වන විට අත්පත් කරගැනීමට ද ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කොට ඇත.

වනාන්තර වූ කලී පරිසර සරක්ෂණය සඳහා මෙන්ම හරිතාගාර වායු විමෝචන අවම කිරීම සඳහා දායක විය හැකි අතර මෙරට වන ආවරණය 2030 වසර වන විට 32%ක් දක්වා ඉහළ නැංවීම සඳහාත් ශ්‍රීලංකාව අපේක්ෂා කරයි.

Related Articles