දේශපාලනය ගරු සේවයක් කිරීමේ  ක්‍රියාන්විතයක්

දේශපාලනය ගරු සේවයක් කිරීමේ ක්‍රියාන්විතයක්

ශ්‍රී ලංකාවේ දුෂිත දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම හමාර කිරීම සඳහා නව පෙරමුණක් පෙළගැසෙමින් පවතී. පිරිසුදු පැවැත්මක් ඇති විද්වතුන් වුර්තිකයින් මෙන්ම යුක්ති ගරුක පුරවැසියන් සඳහා පමණක් තම දොරටු විවර කරන බවයි එහි සංවිධායකින් පවසන්නේ. නුදුරු දිනෙක තම වැඩ පිළිවෙල සමාජ ගත කරන බවයි පෙරමුණේ සංවිධායකයින් ලංකා නිව්ස් ලයින් අමතා කියා සිටියේ. අප්‍රකටව හිඳිමින් යෝජිත වැඩපිලිවෙල නව දේශපාලන සංස්කෘතියක් සඳහා කැපවී සිටින පිරිස් සමඟ සාකච්ඡා කිරීම ලෝක ව්‍යාප්ත මට්ටමින් සිදුවෙමින් පවතී. මේ වන විට ලැට්වියාව, ආර්මේනියාව සහ ස්වීඩනයේ කතිකාවන් ආරම්භ වී ඇති අතර මේ වසර අවසන් වීමට පෙර පෝලන්තයේ සහ රුමේනියාවේ ශ්‍රී ලාංකීය ප්‍රජාව අතරේ සාකච්ඡා මණ්ඩප පැවැත්වීමට නියමිතය .

නව පෙරමුණේ සංවිධායකින් පවසන් පරිදි වර්තමාන ලංකාවේ දේශපාලනය මුළුමනින්ම රැකියාවක් හා ධන උල්පතක් බවට පරිවර්තනය වී ඇතැයි මහජන මතයක් තහවුරු වී තිබේ.මේනිසා වරප්‍රසාද පටු ලාභාපේක්ෂා වලින් තොර දේශපාලනය ගරු සේවාවක් බවට පත්වීම මෙවැනි ආර්ථික අර්බුදයක් පවතින යුගයක අතිශය වැදගත් වනු ඇත .මෙලෙස එය ගරු සේවයක් වන විට ඇමැති මන්ත්‍රී පුද්ගලික කාර්‍ය ම්ණ්ඩල අහෝසි කිරීම අගමැති ජනපති පුද්ගලික කාර්‍යමණ්ඩල අහෝසි කිරීම මන්ත්‍රී වැටුප් ,විශ්‍රාම වැටුප් ,නිල නිවාස ,වාහන බලපත්‍ර,මත්පැන් බලපත්‍ර අහෝසිවීම සිදුවිය යුතුයි .මීට සමගාමීව පළාත් සභා පළාත් පාලන ආයතන නියෝජිතයන්ට කිසිදු වැටුපක් දීමනාවක් නොලැබෙන අතීතයේ මෙන් ගරු සේවයක් විය යුතුය.එමෙන්ම රාජ්‍ය වියදමින් කෙරෙන පිළිගැනීමේ උත්සව විවෘත කිරීමේ උත්සවද නොකිරීම රටට වැදගත් ය.එසේම වාර්ෂිකව බිලියන ගනනක් නිරපරාදේ මහජන මුදල් වියදම් වන පාර්ලිමේන්තු කැන්ටිමද වැසෙන්නේ නම් මැනවි. එමෙන්ම පිටරට සංචාර සිදුවිය යුත්තේ අත්‍යවශ්‍යම රටේ වැදගත් කටයුතුවලට පමණක් විය යුතුය.ඒවාට සහභාගී විය යුත්තේ අත්‍යවශ්‍යම අවම පිරිසකි.

විෂය පථය ගැන දැනුම :

රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන වල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්විය යුත්තේ ඒඒ විෂය පථය ගැන මනා අවබෝධය සහිත ගරු සේවයක් කරන්නන්‍ පමණක් විය යුතුයි. එසේම දේශපාලන හිතවත්කම් අනුව පත්වීම් දීම අහෝසි විය යුතුය.රාජ්‍ය සේවාව දැඩි විනයට නීති ගරුකත්වයට යටත්විය යුතුයි .වැරැද්දට දඩුවම් කිරීමේදී තරාතිරම හෝ සම්බන්ධතා කිසිසේත් බලපෑමක් කර නොගෙන ස්වාධීන ව සිදුවිය යුතුයි .මේ ප්‍රතිපත්තියට අකමැති කිසිවකු අපි අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් නොකෙරේ. අපි දේශපාලනයට ගෙන එන්නේ ජීවන මගක් ඇති උගත් දක්ෂ පිරිසක් පමණි. දැනටමත් මෙබදු ක්‍රියාශීලී බුද්ධිමතුන් විශාල පිරිසක් ස්වාධීන ව ලබන මැතිවරණය සදහා කැමැත්තෙන් ඉදිරිපත් වීමට සිටින බව සංවිධායකයින් පවසති .

Related Articles