දේශබන්දු  ගැන  විමර්ශන වලට  අවුරුද්දකට  වැඩි  කාලයක්…

දේශබන්දු ගැන විමර්ශන වලට අවුරුද්දකට වැඩි කාලයක්…

ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවුරුද්දක් ගෙවීගිය පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කල බව කියන තර්ජනයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

දේශබන්දු තෙන්නකෝන්ට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් කරන ලද පැමිණිල්ල විමර්ශනය සඳහා වසරකට වැඩි කාලයක් ගතවී ඇති බව කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය අනාවරණය කරයි. මේ සිදුවීමට මුල්වී ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම වෙත මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් සිදුකර ඇති පැමිණිල්ලකි.

2021 දී තරිඳු ජයවර්ධන විසින් සිදු කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ඉල්ලීම් විමර්ශනවල තත්ත්වය ඉල්ලා කොමිසම පොලිස් දෙපාර්තමේන්තුව වෙත කල ඉල්ලීම් නොසලකා හැර ඇත.

මාධ්‍යවේදියා බොරු ලියන බවත්, ‘සොබාදහම’ හෝ ‘ස්වාභාවික යුක්තිය’ ඔහුව බලා ගනු ඇති බවත්, තෙන්නකෝන් තැබූ සමාජ මාධ්‍ය පණිවිඩයේ සඳහන්ව තිබු බව වාර්තාවේ. මධ්‍යවේදී සංවිධාන මෙවැනි ප්‍රකාශ දකින්නේ අනතුරු ඇඟවීම් ලෙසින්ය.

මාධ්‍ය සංවිධාන එකමුතුවක් පොලිස්පතිවරයාට ලිඛිතව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටි නමුත්, කිසිදු පරීක්ෂණයක් සිදු නොවීය.

අනතුරුව මාධ්‍යවේදියා 2021 වසරේ පොලිස්පතිවරයාට තොරතුරු දැනගැනීමේ ඉල්ලීමක් ගොනු කර මරණ තර්ජන පිළිබඳ පැමිණිලි විමර්ශනය ආරම්භ කර ඇත්නම්, ඒ පිළිබඳව විස්තර ඉල්ලා සිටි නමුත් ඊට පොලීසිය පිළිතුරු ලබාදී නැත්‍.

ඉන් අනතුරුව තරිඳු ජයවර්ධන තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනයක් ගොනු කර ඇත.

කොමිසමේ කැඳවීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබුණේ සිය නීති කමිටුවේ නිර්දේශ මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මෙහෙයවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අංශය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. නීතිපතිවරයාගේ උපදෙස් මත විමර්ශන කටයුතු සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. තොරතුරු දැනගැනීමේ ඉල්ලීම් වලට ප්‍රමාදයකින් තොරව ප්‍රතිචාර දක්වන ලෙසද කොමිසම පොලිස්පතිවරයාට අනතුරු ඇඟවීමක් සිදු කොට ඇත.

Related Articles