දොළොස් මහේ  ඉන්ධන  සලාකයක්….

දොළොස් මහේ ඉන්ධන සලාකයක්….

දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාවට හැකියාවක් නැති බව බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. මේ අනුව අවම වශයෙන් ඉදිරි දොළොස් මස සඳහා වත් ඉන්ධන සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වනු ඇත.

ඉන්ධන හිඟයක් නැති කාලයේ පවා රටේ සියළුම ඉන්ධන පිරවුම් හල වලට ඉන්ධන ලබාදුන්නේ නැති බවයි කාංචන විජේසේකර පවසන්නේ.

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය යටතේ ඇති QR කේත පද්ධතිය අගෝස්තු 1 සිට දිවයින පුරා සිපෙට්කෝ සහ ලංකා ඉන්දීය තෙල් සමාගමේ පිරවුම් හල් වල ක්‍රියාත්මක වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. එතෙක් අවසාන අංකයට ඉන්ධන ලබාදීමට නියමිතය.

අගෝස්තු පළමු 1 වැනිදා වන විට QR පහසුකම් සහිත ඉන්ධන පිරවුම්හල් වෙත පමණක් ඉන්ධන බෙදාහරින බව ඇමතිවරයා පවසයි බෙදාහැරීම දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා සියලුම CEYPETCO සහ Lanka IOC ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය සමඟ ලියාපදිංචි වී මෙම වැඩසටහනට සහයෝගය දක්වන ලෙස කාංචන විජේසේකර ඉල්ලා සිටි. සතිය අවසන් වන විට වාහන කීපයක් ඇති සමාගම් ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබාදෙන බව ඇමතිවරයා පැවසීය.

රජයේ ආයතනවලට විදුලි ජනක යන්ත්‍ර, ගෙවතු වගා උපකරණ සහ අනෙකුත් උපකරණ ලියාපදිංචි කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා විකල්ප ලියාපදිංචි ක්‍රමවේදයන් ලබා දෙන බව ඇමතිවරයා පවසයි.

ආනමඩුවේ කලබල…

ආණමඩුව සමුපකාර ඉන්ධන පිරවුම්හලින් පෙට්‍රල් ගැනිමට පැමිණි යතුරු පැදි , ත්‍රිවිලර්, මෝටර් රථ ඇතුළු වාහනවලින් පැමිණි 25,000ක් පමණ පිරිස පාලනය කිරීමට ආණමඩුව පොලිසිය හා අවට පොලිස්ථාන වල නිළධාරින් හා යුද හමුදාව දැවැන්ත සටනක නිරත වී සිටිනු දැක ගත හැකි විය.

23 වැනි දා දිනට අංකවලට ඉන්ධන ලබා ගැනිමට පැමින සිටි පිරිසට අදාල ඉන්ධන නොලැබිමත් සමග එම පිරිස ද 24 දින ද පෝලීම් වල රැදි සිටිම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව පොලිසිය කියයි.

Related Articles