ධනුෂ්කගේ ඔස්ට්‍රේලියාවේ වියදම්  දරන්නේ  කවුද ?

ධනුෂ්කගේ ඔස්ට්‍රේලියාවේ වියදම් දරන්නේ කවුද ?

ධනුෂ්ක ගුණතිලක අප ලබා ගැනීමේ අපේක්ෂාවෙන්  පසුවෙන් අතර එසේ ඇප  ලැබුනහොත්  නඩුව අවසන්  වනතුරු  ඔහුට රට  තුළ  රැදී    සිටීමට සිදුවෙන  අතර  ශ්‍රී ලංකා  ක්‍රිකට්  ආයතනය  ඔහුගේ  වියදම්  දරන්නේද  යන  ප්‍රශ්නය මතු වී තිබේ

ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකව කණ්ඩායමෙන් ඉවත් කර තිබියදී ඔහුව දිගටම ඔස්ට්‍රේලියාවේ තබා ගැනීම සම්බන්ධයෙන් දැනටමත් ප්‍රශ්න කිරීම්  සිදුවෙමින් පවතී .

ධනුෂ්ක ගුණතිලක වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කරනු ලැබුවද, ඔහුව සූදානම් සහිතව සිටින ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ රඳවා ගත් බව මීට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවත්  සමාජ  මාධ්‍ය  ඔස්සේ  අදහස් දක්වන බොහෝ දෙනා  ඒ අදහස  පිළිගන්නේ  නැත .

ධනුෂ්ක ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්ට හුරුවී ඇති බැවින්, අවශ්‍ය නම්, ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට වහාම ඔහුව කැඳවීමේ අරමුණින් සහ සංචිතය සමඟ දිගටම පුහුණුවීම් කළ හැකි බැවින්, ඔහු කණ්ඩායම සමඟ තබා ගැනීමට තීරණය වූ බවද ක්‍රිකට් ආයතනය  විවේචන  වලට ප්‍රතිචාර දක්වමින්  පවසයි .

Related Articles