නවසීලන්ත රජ වැඩකරු සුරේෂ්  නුලෙන් බේරෙයි…

නවසීලන්ත රජ වැඩකරු සුරේෂ් නුලෙන් බේරෙයි…

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන සුරේෂ් රත්නම් 2007 දී සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට පැමිණ එහි ජීවත්වීම සඳහා 2009 දී සිට නේවාසික වීසා බලපත්‍රයක් ලබා ගත්තේය. එතැන් පටන් අනෙකුත් ශ්‍රී ලාංකිකයින්ට වීසා බලපත්‍ර ලබාදෙන බව පොරොන්දු වෙමින් ඩොලර් පන්දහස ගණනේ අයකරන්නට විය. ටික දිනක් ගත වුනත් වීසා ලැබෙන පාටක් නැති හෙයින් ඔවුන් ආගමන විගමන බලධාරීන් වෙත පැමිණිලි කළහ. බළලා මල්ලෙන් එළියට පැන්නේ එවිටයි.

සුරේෂ් රත්නම් ඒ වනවිට ඩොලර් තිස් පන්දහසක් සාක්කු ගත කරගෙන හමාරය එසේම ගමන් බලපත්‍ර ඉල්ලූම් පත් ඉදිරිපත් කොට තිබුනේද නැත. ඩොලර් දස දහස් ගණනකින් තම ප්‍රජාවේ සාමාජිකයන් වංචා කළ සුරේෂ් රටින් පිටුවහල් කිරීම පිළිබඳව ඉල්ලීමක් පැමිණිල්ල වෙතින් ඉදිරිපත් වූ නමුත් ඔහුට යාන්තමින් බේරෙන්නට පුළුවන් විය. ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් ආණ්ඩුව තමන්ට හිරිහැර කරන බව අධිකරණයට පැවසුවේය.

වසර තුනක පරිවාස කාල දණ්ඩනයක් ලැබූ සුරේෂ් රත්නම් පිටුවහල් කිරීමෙන් බේරුනේ යාන්තමිනි. සුරේෂ් රත්නම් පැවසුවේ තමන් සුදුවට ලොල් වීම නිසා වංචාවට යොමුවූ බවයි. කෙසේ වෙතත් ඉදිරි වසර තුන ඇතුළත ඔහු වෙනත් අයෙකුට වංචා කළහොත් ඔහුට රට තුළ සිටීමට ඇති අයිතිය අහිමි වනු ඇත.

ආගමන හා ආරක්ෂණ විනිශ්චය සභාව විසින් නිකුත් කරන ලද තීරණයකට අනුව, වංචාවෙන් මුදල් වාසියක් ලබා ගැනීමේ චෝදනා හතකට ඔහු වරදකරු විය. බලපත්‍රලාභී ආගමන උපදේශකයෙකු නොවන සුරේෂ් ආගමන විගමන සේවාවන්හි නිරත වීමද වරදකි.

කෙසේ වෙතත් උසාවිය රත්නම්ගේ පැත්ත ගත් අතර ඔහුගේ අභියාචනයට අවසර දී ඔහුව පිටුවහල් කිරීම “අසාධාරණ හෝ අනිසි ලෙස රළු” බව පවසමින් ඔහුව ඔහුගේ බිරිඳ සහ දරුවන්ගෙන් වෙන් කිරීමට සිදුවෙන හෙයින් ඔහුට නවසීලන්තයේ ජීවත්වීමට අවසර ලබා දී ඇත.

රත්නම් නැවත වරදක් කිරීමේ අවදානමක් ඇති බව උසාවිය පිළිගත් අතර ඔහුගේ පිටුවහල් කිරීම වසර තුනකට අත්හිටුවන ලෙස නියෝග කළේය – එයින් අදහස් වන්නේ ඔහු එම කාලය තුළ තවත් වංක වැරදි සිදු කළහොත් ඔහු පිටුවහල් කරන බවයි.

Related Articles