නෙළුම් කුළුණ යලි පිපේ….

නෙළුම් කුළුණ යලි පිපේ….

දිගු කලක් නිද්‍රශීලිව පැවති නෙළුම් කුළුණ සැප්තැම්බර් පහළොස් වෙනිදා මහජනතාවට විවෘත කිරීමට නියමිතය. එය 2019 වසරේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කඩිමුඩියේ විවෘත කළද එතැන් සිට එය ක්‍රියාත්මක නොවීය.

මුළු දකුණු ආසියාවේම උසම විදුලි සංදේශ කුළුණ වන මීටර් 356.3ක් උසැති කුළුණ ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3ක වියදමින් ඉදිකරන ලද අතර සියයට අසුවක චීන ණයක් මත ඉදිකර ඇත.

නැවත විවෘත කිරීම යහපත් කාර්යක් වුවත් බොහෝ සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ආර්ථික ශක්‍යතාවක් මෙන්ම තිරසාරභාවයෙන් හීන මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළේ මන්දැද යන්න හොයබලීමට විගණනයක් සිදුකළ යුතු බවයි . මේ කුළුන හා බැඳුන තීරණ ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම මූල්‍ය ගනුදෙනුද සොයා බැලිය යුතුව ඇත.

මෙම කුළුන සඳහා සියයට විස්සක අරමුදල් සපයන ලද්දේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) විසිනි.මේ තීරණය පිළිබඳවද හොයා බැලිය යුතුය.

මෙය විවෘත කළ,එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති සිරිසේන මහතා කියා සිටියේ ව්‍යාපෘතියේ වැඩ කිරීමට කොන්ත්‍රාත්තු ගත් එක් චීන සමාගමක් රාජ්‍ය මුදලින් ඩොලර් මිලියන එකොළහක් රැගෙන අතුරුදහන් වූ බවයි.

නෙළුම් කුළුණ තවමත් අපේක්ෂිත ප්‍රතිඵල ලබා දී නොමැති තවත් එක් චීන ව්‍යාපෘතියක්ද යන්න සාක්ෂි සහිතව තහවුරු කරගැනීම වැදගත් විය හැකිය.

බොහෝ ආකර්ෂණීය ස්ථාන මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිත මෙම කුලුන තුල වෙළඳ කුටි, ලේක් වීව් ආහාර කුටි , සිහිවටන සාප්පුවක් සහ ඡායාරූප මැදිරියක් සහ ප්‍රදර්ශන ගැලරියකින්බිම් මහල සමන්විත වේ. මෙම කුළුණෙහි නවෝත්පාදන මධ්‍යස්ථානයක්, ලේක් වීව් කෝපි විවේකාගාරයක්, ඊ-ක්‍රීඩා මධ්‍යස්ථානයක්, 9-ඩී සිනමා ශාලා, ඩිජිටල් බැංකු සේවා සහ පළමු මහලේ ඩිජිටල් කලා කෞතුකාගාරයක් ද ඇත.

ව්‍යාපාරික කාර්යාල පහසුකම්, ප්‍රදර්ශන ශාලාව, ශ්‍රවණාගාරය සහ විශේෂ අවස්ථා සඳහා වෙනම ඉඩකඩ සහ වහලයේ ටෙරස් අවන්හල් කුළුණේ අනෙකුත් අංගයන් වේ.

පස්වන මහලේ කැරකෙන අවන්හල, හයවැනි මහලේ සුඛෝපභෝගී කාමර පහසුකම් සහ හත්වැනි මහලේ නැරඹුම් මැදිරිය ඇතුළු තවත් ආකර්ෂණීය ස්ථාන රැසක් ස්ථාන ගත කොට ඇත.

Related Articles