පංතියේ පුටුව අහිමි  නිසා  ජීවිතය අහිමි කරගත් සිසුවා…..

පංතියේ පුටුව අහිමි නිසා ජීවිතය අහිමි කරගත් සිසුවා…..

සියදිවි නසා ගැනීම හදිසි චිත්ත ආවේග නිසා ඇතිවන තත්වයකි. එහිදී හේතු වල ලොකු ‍පොඩි වෙනසක් නැත. ගම්පහ සියඹලාගොල්ල නාමල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දාහතර හැවිරිදි එස්. සුරාජ් ඩේරියන්ස් එල්ලී මිය යෑමේ ආසන්න හේතුව වන්නේ පන්ති කාමරය තුළ වාඩිවීමට මේසයක් හා පුටුවක් නොමැති විමයි.

බැළු බැල්මට පෙනෙන්නේ මේ දරුවාට නිසි ආදරය සහ රැකවරණය නොලැබීම මේ ඉක්මන් තීරණයට හේතුවක් වුවා විය හැකිය. සුරාජ් ඩේරියන්ස් නිවසේ එල්ලී පෙරේදා (22) රාත්‍රියේ මිය ගොස් සිටි අතර ඔහුගේ මව සහ පියා නීතියෙන් වෙන්වී සිටි බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.

මේ දරුවාගේ පියා මවගෙන් නීතියෙන් වෙන්ව ඩුබායි රටේ ජීවත් වෙති. මව වෙනත් විවාහයක් කරගෙන ඇති අතර ඒ පිළිබඳව දරුවාගේ අකමැත්තක් නැති බව ඔහු අවසානයට ලියු ලියුමෙන් දැන ගන්නට ඇත. ‘අම්මේ මම ඔයාට ආදරෙයි. ඔයා අන්කල් එක්ක හැමදාමත් සතුටින් ඉන්න. මම ඔයාලා දෙන්නටම ආදරෙයි යනුවෙන්ද එම ලිපියේ සඳහන්ව ඇත.

වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා පසුගිය මාර්තු මාසයේදී ජාඇල ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කර ඇත. සිසුන් සියලු දෙනා පන්තියට පැමිණෙන දිනවල ඔහුට වාඩිවීමට පුටුවක් හා මේසයක් නොමැතිවන නිසා ඒ ගැන සිත්තැවුලට පත්ව සතියක කාලයක් පාසල් යාමෙන් වැළකීසිටි බව හෙළිදරව් වී ඇත.

මෙම සිසුවාට මව සමග පාසලට එන ලෙස විදුහල්පතිවරයා දැනුම්දීමක්ද කර තිබී ඇතැයි පොලිසිය කියයි. පුතාට අවශ්‍ය කර තිබූ පුටුවක් හා මේසයක් ලබා ගැනීමට පාසලට මුදල් ගෙවා තිබූ බව සිසුවාගේ මව පොලිසියට පවසා ඇත. ගැටළුව වන්නේ රජයේ පාසලක මුදල් ගෙවා මේස පුටු ලබාගන්නා තත්වයක් ඇති වූයේ කෙසේද ? යන්නයි.

Related Articles