ප්‍රවාහන උද්ධමනය  ඉදිරියෙන්…

ප්‍රවාහන උද්ධමනය ඉදිරියෙන්…

මේ වන විට දුම්රිය ගමන් ගාස්තු වැඩිකොට ඇත. එහෙත් තවමත් එම ගාස්තුව බස් ගාස්තුවට වඩා අඩුය. මේ වන විට වැඩිම උද්ධමනයක් පෙන්නුම් කරන්නේ ප්‍රවාහනයයි. එය 128% කි.

ආහාර 80% කින් ඉහළ යාමත් සමඟ ජුනි මාසයේදී පාරිභෝගික මිල ගණන් 54.6% කින් ඉහළ ගොස් ඇත . දැනට පවතින තත්වයන් යටතේ මේ වසරට ගෙවීමට ඇති ඩොලර් බිලියන 7 ක ණය ගෙවීමට ප්‍රායෝගික සැලැස්මක් නැත.

පොලී අනුපාත ඉහළ නංවා, මුදල් අවප්‍රමාණය කර අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම තුලින් ආර්ථික අර්බුදය කලමනාකරණය කිරීමට ගන්නා උත්සහායක් දක්නට ඇත. මේ වන විට ශ්‍රීලංකාවට ඇත්තේ ඩොලර් බිලියන 2 ක සොච්චම් මුදලකි.

සාමාන්‍යයයෙන් ඩොලර් බිලියන 81 පමණ වන ආර්ථිකය බංකොලොත් භාවයට පත්වීමට ආසන්න වීම රටේ මානව හිමිකම් වලට දැඩි බලපෑමක් කල හැකි බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් විශේෂඥ්යින් පෙන්වා දෙති.

විමල් වීරංවංශ පෙර පැවසූ පරිදි ලෝක බැංකුවේ ප්ලග් එක ගැල්වීමෙන් ප්‍රශ්න විසඳා ගත නොහැක.

මුදල් ඇමති අලි සබ්රි පසු ගිය මැයි මාසයේදී පාර්ලිමේන්තුවට පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මුල්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් මාස හයක් වත් ගතවිය හැකි හැකි බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට පලා යෑමට තුඩුදුන් හේතු සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා කෙරෙන කතාබහ තවත් ප්‍රමාද විය.

අවම ලෙසින් හෝ ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ්යින් පෙන්වා දෙති.

Related Articles