පාප් වහන්සේ  පාස්කු  වින්දිතයින්  ගේ දීමනව දෙගුණ කළ හැටි කාදිනල් තුමන් කියයි…

පාප් වහන්සේ පාස්කු වින්දිතයින් ගේ දීමනව දෙගුණ කළ හැටි කාදිනල් තුමන් කියයි…

මෑතකදී කාර්දිනල් මැල්කම් රන්ජිත් වතිකානය බලා ගියේ පාස්කු බෝම්බ වලින් පීඩාවට පත්වූවන් සහ ඔවුන්ගේ පව්ලේ අය සමඟයි. ඒ දිනවල පාප්තුමන් තරමක් අසනීපයෙන් සිටියත් පිරිස වෙනුවෙන් ශාන්ත පීතර බැසිලිකාවේ දේව මෙහෙයක් පැවැත් වීමටත් පිරිස සමඟ මඳ වේලාවක් ගත කිරීමටත් කටයුතු කළහ.

කර්දිනල් මැල්කම් රන්ජිත් වතිකාන නිල කාර්ය මණ්ඩලය හමුවූ මොහොත ඉතා බැරෑරුම් එකක් විය. මන්දයත් ඒ වනවිට පාස්කු බෝම්බය පිළිබඳව ශ්‍රී ලංකාව නිසි පරිදි කටයුතු නොකර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ජාත්‍යන්තරට යාමට තීරණයක් ගෙන් තිබු හෙයිනි.

පාප් වහන්සේ ඒ වන විටත් එම තීරණයට එකඟ වී සිටි හෙයින් වඩා බරපතල කරුණු සෙසු පිරිසට පැවරු උන්වහන්සේ කාදිනල් මැල්කම් රන්ජිත්ගෙන් විමසුවේ වෙනත් කරුණකි.

‘ඔබේ ජනතාව ගැන බලන්න, ඔබ ළඟ ප්‍රමාණවත් මුදලක් තිබෙනවාද? කියා උන්වහන්සේ ඇසුහ. මැල්කම් රංජිත් කාර්දිනල්වරයා පැවසුවේ’ උත්සාහ කරන්නම්’ යනුවෙනි.

මඳ සිනහවක් පෑ පාප් වහන්සේ පැවසුවේ ‘යුරෝ 50,000ක මුදලක් දෙන්න පුළුවන්’ යනුවෙනි.

කථාව එතැනින් කෙලවර විය. එයින් ටික දිනකට පසුව තමන්ගේ ගණකාධිකාරීවරයා මගින් කාර්දිනල් වරයාට දැනගන්නට ලැබුනේ පාප් වහන්සේ තම ආධාර දීමනාව දෙගුණ කොට ඇති බවයි. මේ මුදල වින්දිතයින් අතට කටුවපිටියෙදී ලබාදුන් කාර්දිනල් තුමන් මෙසේ පැවසුහ.

” උන්වහන්සේ මට එවලා තිබ්බේ යුරෝ 50,000ක් නොවෙයි, යුරෝ 100,000ක මුදලක්. උන්වහන්සේ ඒක දෙගුණයක් කරලා.”

මුළු ලෝකයම සසල හදින් මේ වින්දිතයින් දෙස බලා සිටිති එහෙත් කාදිනල් හිමිපාණන් පවසන්නේ මේ ජනතාවට තවමත් යුක්තිය ඉටුවී නැති බවය.

නූතන ඉතිහාසයේ සිදුවූ අපරාධ පිළිබඳව කිසිම රජයක් නිසි විමර්ශනයක් සිදුකර නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කටුවාපිටියේදී බලධාරීන්ට සිහි කැඳවුහ.

කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී උන්වහන්සේ විදිතයින්ට පැවසුවේ “ඔබට යුක්තියක් ඉෂ්ඨ වියයුතුයි. ඒ නිසයි අපි නඩු දැම්මේ. ලංකාවේ නරක සම්ප්‍රදායක් තිබෙනවා. සති දෙකයි මතක කියලා ප්‍රභාකරන්ම කියලා තිබෙනවා.”යනුවෙනි.

Related Articles