පිරවුම්හල්  සඳහා රටවල් රැසක් උනන්දුයි…..

පිරවුම්හල් සඳහා රටවල් රැසක් උනන්දුයි…..

සිල්ලර වෙළඳාම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල භාවිතා කිරීම සඳහා ලොව පුරා සමාගම් විසි හතරක් ශ්‍රී ලංකාව වෙත උනන්දුව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව රජය විසින් පවත්වාගෙන යනු ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් පවත්වා ගෙන යෑම වෙනුවෙන් ගාස්තුවක් අයකිරීම සහ එම සමාගම්වලින් ණයට ඉන්ධන ලබා ගැනීම ශ්‍රි ලංකාවේ ආණ්ඩුවේ අපේක්ෂාවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීන සමාගම් උනන්දුවක් දක්වවා ඇත. තෙල් සංස්ථාව සතුව ඉන්ධන පිරවුම්හල් 1100ක් පමණ ඇත. සමාගම් කිහිපයකට ඉන්ධන පිරවුම්හල් 200 ත් 400 ත් අතර පිරිනැමීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මෙම වැඩපිළිවෙලට සේවක පිරිස් දැඩි විරෝධයක් දක්වමින් සිටිති. ඔවුන් පවසන්නේ මෙයින් රටට ඉතා ලාබදායක ව්‍යපාරයක් අහිමි වන බවයි.

දිවයින පුරා ඇතිවී තිබෙන ඉන්ධන හිඟය මගහරවා ගැනීම සඳහා පි ඉදිරි දින තුන තුළ සියලුම ඉන්ධන නිෂ්පාදනවල අතිරේක තොග ඇණවුම් කර ඇති බව කාංචන විජේසේකර මහතා පැවසීය.

“බෙදාහැරීම, තෙල් බෑම සහ ඉන්ධන ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම දිගු පෝලිම් ඇති කොට ඇත .” විජේසේකර සෙනසුරාදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Related Articles