බඩ  ගින්න දරුණු අතට හැරෙන ලකුණු – ලෝක ආහාර වැඩසටහන….

බඩ ගින්න දරුණු අතට හැරෙන ලකුණු – ලෝක ආහාර වැඩසටහන….

ලෝක ආහාර වැඩසටහන (WFP) සිය නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මිලියන 6.26 ක ජනතාවක් ආහාර ලබා ගැනීම අතින් අනාරක්ෂිත බව පවසා තිබේ. මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා හදිසි ආහාර, පෝෂණය සහ පාසල් ආහාර ලබා ගැනීම සඳහා මිලියන 3 ක ජනතාවක් වෙත සහන ලබා දීමට කටයුතු කරන බව ලෝක ආහාර වැඩසටහන පවසා තිබේ.

නිවාස 10කින් තුනක් (මිලියන 6.26ක ජනතාවක්) ආහාර අතින් අනාරක්ෂිත අතර. ඉන් 65,600ක් දැඩි ලෙස ආහාර අතින් අනාරක්ෂිත බවත් ලෝක ආහාර වැඩසටහන පවසයි . ඉහළ යන ආහාර මිල ගණන් හේතුවන් පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම දුෂ්කර වෙමින් පවතින බව ඔවුන් පවසයි.

තක්සේරු කරන ලද පවුල් වලින් බහුතරයක් (සියයට 61) එතරම් මනාප නොවන සහ සහ පෝෂණයෙන් අඩු අහර වලින් ජීවිතය පවත්වා ගෙන යති. සෑම නිවාස පහකින් දෙකකට ප්‍රමාණවත් තරම් ආහාර සපයා ගත නොහැකිවී ඇත. ආහාර සුරක්ෂිතතාව අතින් වැඩි වශයෙන් දුෂ්කර තත්වයකට මුහුණ පත්ව ඇත්තේ වතුකර ජනතාවයි.

ජූනි මාසයේ මූලික උද්ධමනය 54% (1954 න් පසු ඉහළම අගයයි) ක් වන අතර එය ඉදිරි මාස කීපය තුලදී 70% දක්වා වැඩි විය හැකි බව පවසයි.

Related Articles