බරණට සමු දුන් ඇත්  සගයා…

බරණට සමු දුන් ඇත් සගයා…

කලා වැව ජාතික උද්‍යානය සිය නිජබිම කරගනිමින් ජීවත් වූ බරණ හස්තියා කලාවැව ජාතික උද්‍යානය හා ජාතික නාමල් උයන ආශ්‍රිතව නිරන්තරයෙන් සැරි සැරූ ඇතෙකි. මෙම ඇතා වයස අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවූ අතර දිග අඩි 4ක දළ යුගලයකටද හිමිකම් කී ඇතා මියගොස් සිටියදී සොයාගනු ලැබීය.

ඇතා මිය යෑමට හේතුව විදුලි සැර වැදීම බව ගල්කිරියාගම වන සත්ව අඩවි ආරක්ෂක කාර්යලය හා ගල්කිරියාගම පොලිසියේ නිලධාරීන් එක්ව කළ විමර්ශනයකින් අනාවරණය විය.

බරණ හස්තියාගේ අවසන් කටයුතු සිදුකළ අවස්ථාවේ වෙනත් අලියෙකු පැමිණ ස්වර්ණහංස වැව ඉස්මත්තේ සිට බරණ හස්තියාගේ මිහිදන් කටයුතු අවසන් වනතුරුම එහි රැඳී බලා සිට ආපසු හැරී ගියේය.

බරණ හා සම වයස් සීමාවේ පසුවූ මෙම අලියා බරණ සමග කුඩාකළ පටන් එකටම සිටි සගයා බව වනජීවී නිලධාරීන්පවසති.

නාමල් උයන වනවාසී රාහුල හිමියන්ගේ මුලිකත්වයෙන් අවසන් කටයුතු ගෞරවාන්විත ලෙස ජාතික නාමල් උයන රක්ෂිතයේදී සිදු කෙරිණි. බරණ හස්තියාගේ සගයා ඒ දෙස සොවින් බලා සිටිනු බොහෝ දෙනාගේ නෙතඟ කඳුලක් රැඳින.

Related Articles