බහුදින ධීවර යාත්‍රා භාවිතා කරමින් රට හැර යෑම වැඩිවෙයි

බහුදින ධීවර යාත්‍රා භාවිතා කරමින් රට හැර යෑම වැඩිවෙයි

නවතම යාත්‍රා නිරීක්ෂණ පද්ධති තිබියදීත් බහුදින ධීවර යාත්‍රා භාවිතා කරමින් රට හැර යන පිරිස් වැඩි වී ඇති බව වාර්තාවේ .

පසුගිය දින හත තුළ ශ්‍රී ලංකාවෙන් පිටව යාමට උත්සාහ කළ පුද්ගලයන් සීයකට අධික සංඛ්‍යාවක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙයින් වැඩි දෙනා ඔස්ට්‍රේලියාවට ගමන් කිරීමට උත්සාහ ගත් පිරිස්ය .

මේ අතර වාරේ බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් යෑමට විශාල මුදල් ගෙන යාත්‍රා කිරීම ආරම්භ කොට සුළු වෙලාවකින් අත්අඩංගුවට පත්වෙන ආකාරයට කටයුතු කරන ජාවාරම් කරුවන් පිරිසක්ද සිටිති.

‘නීත්‍යානුකූලව සංක්‍රමණය වීමට අවශ්‍ය දැනුවත්භාවය සහ මුදල් මේ බෝට්ටුකරුවන්ට නැති බවයි දක්නට ඇත්තේ .”

ඔස්ට්‍රේලියානු රජය පසුගිය මාස දෙක තුළ බෝට්ටුවලින් ගිය පුද්ගලයින් කණ්ඩායම් දෙකක් ආපසු හරවා ඇත .

වලංගු වීසා සහ අනුමැතිය නොමැතිව බෝට්ටු මගින් රට හැර යාමට උත්සාහ කළ පුද්ගලයින් 480 කට වැඩි පිරිසක් නාවික හමුදාව සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රට පුරා පුද්ගලයින් 136 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඕස්ට්‍රේලියානු ආණ්ඩුව දිගින් දිගටම නීති විරෝධී මිනිස් ජාවාරම මැඩලීම සඳහා දැන්වීම් පළ කර ආණ්ඩුව සමගද සාකච්චා කරමින් සිටී.

මේ වන විට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශය වන ත්‍රිකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය, නුවරඑළිය, මුලතිව්, යාපනය, කිලිනොච්චිය, වෙන්නප්පුව, නාත්තන්ඩිය සහ හලාවත ප්‍රදේශවලින් පැමිණ ඇත.

යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය

ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා 4000 කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (VMD) සහිත ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරන ලදී.

මෙම මධ්‍යස්ථානයේ අරමුණ වූයේ නීතිවිරෝධී ධීවර භාවිතයන් සහ පුද්ගල ජාවාරම් ඇතුළු ජාත්‍යන්තර අපරාධ සඳහා අදහස් කරන අක්‍රමවත් චලනයන් කල්තියා හඳුනා ගැනීමට සහාය වීමයි.

දෙරට විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක සඳහන් වන්නේ පසුගිය මාස කිහිපය තුළ නීති විරෝධී ලෙස මිනිසුන් රැගෙන යාමට උත්සාහ කළ සියලුම යාත්‍රා නැවැත්වීමට රජයන් දෙකම සාර්ථක ලෙස කටයුත් කළ බවයි .

Related Articles