බිස්කට් වලින් පාඩමක්…

බිස්කට් වලින් පාඩමක්…

බිස්කට් මිල අධික ලෙස ඉහළයාම පාරිභෝගිකයින්හට දරාගත නොහැකි වීම හේතුවෙන් බොහෝ දෙනා බිස්කට් මිලදී ගැනීම නතර කොට ඇත.

මාධ්‍ය හමුවක් කඳවු බිස්කට් නිෂ්පාදකයින් කියා සිටියේ අමු ද්‍රව්‍ය මිල ඉහළ යාමේ හේතුවෙන් මිල ඉහල නැංවීමට සිදුවී ඇති බවයි. අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාමට සාපේක්ෂව සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවත් හැමවිටම ඉහළ ප්‍රමිතිය සුරකින බවත්ය.

ලාභය ඉතා අවම වන අයුරින් මිල වැඩි කොට ඇතත් එම වැඩිකිරීම් දෙගුණය ඉක්මවන වන බවයි පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ. නිෂ්දපාදකයින් ගේ තර්කයේ යම් සත්‍යතාවක් ඇතත් ගැටලුව වී ඇත්තේ මෑත කාලීන වැඩිවීම විශාල වශයෙන් පාරිභෝගිකයින් වෙත පැටවීමයි.

දැන් මේ ගැටළුව නිරාකරණය කිරීමේ මගක් ලෙසින් ඇතැම් වෙළඳසැල් වල බිස්කට් සඳහා වට්ටම් ද ලබා දී ඇත.

ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ පාරිභෝගිකයින් බිස්කට් පරිභෝජනය නතර කළහොත් සිය කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වන අතර බොහෝ දෙනෙකුට රැකියා අහිමිවී අවදානමක් පවතින බවයි.

ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරිය කුමාර මහතා පවසන්නේ රසකැවිලි නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල සියයට දෙසීයකට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන අවස්ථාවක බිස්කට් මිලදී ගැනීම වර්ජනය කරන මෙන් ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන යෑම අසාධාරණ බවයි.

අධික ලෙස පීඩාවට පත්ව සිටින පාරිභෝහික කණ්ඩායම් පෙන්වා දෙන්නේ අධික ලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන බැවින් බිස්කට් මිලදී ගැනීමෙන් වැලකී සිටීම හැර අන් විකල්පයක් නැති බව සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබෙන බවයි.

Related Articles