මන්කි ෆොපොක්ස් රෝගියෙක්  හමුවුවත් බිය විය යුතු නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…

මන්කි ෆොපොක්ස් රෝගියෙක් හමුවුවත් බිය විය යුතු නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…

Monkeypox (මන්කි පොක්ස්) වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් පණක් වන හෙයින් ඒ පිළිබද බිය විය යුතු නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මේ පිළිබදව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කීය.

ශ්‍රී ලංකාව තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වනු ලබන බවත්, ඒනිසාම අදාල ආසාදිතයා කඩිනමින් හදුනා ගැනීමට හැකි වූ බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Monkeypox රෝගී තත්ත්වය පැපොල වැනි රෝගී තත්ත්වයක් බව අසේල ගුණවර්ධන මහතා පවසයි.

“ඊයේ (03) දින මෙරටින් ප්‍රථම Monkeypox රෝගියා වාර් තා වූවා. ඔහු නොවැම්බර් මස 01 දා විදේශ රටක සිට මෙරටට පැමිණි වයස අවුරුදු 19 ක පුද්ගලයෙකි. සැක සහිත බැවින් 02 දා වෛද්‍යවරුන් විසින් ඔහුගේ සාම්පල් වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කර එම පුද්ගලයා රෝහල් ගත කිරිමට කටයුතු කළා. ඊයේ දිනයේ දී වෛද්‍ය පර් යේෂණායතනය විසින් එම රෝගියාට Monkeypox වෛරසය ආසාදිත බවට තහවුරු කළා. දැනට ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා. එමෙන්ම ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කර තිබෙනවා‍.”

Related Articles