මීනු  මේකලාවන්  දහසක් අත්අඩංගුවේ….

මීනු මේකලාවන් දහසක් අත්අඩංගුවේ….

මීනු මේකලා අඩි තිහක් දිග ධීවර යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවේ වෙරළ කරා යෑමට තැත් කළේ තම දරුවන් දෙදෙනා සමඟ අළුත් ජීවිතයක් ගත කිරීමටයි. මුහුද මැදදී යාත්‍රාව යාන්ත්‍රික දෝෂයකට මුහුන දුන් අතර ඔවුන් හරවා එවුනා. සැමියා රිමාන්ඩ් භාරයට පත්වුනා ඔවුන්ගේ ගමන් බලපත්‍ර වසර පහකට තහනම් කොට තිබෙනවා මීනු මේකලාගේ සැමියා මෙන් අනවසරයෙන් පිටවීමට තැත් කල දහසක් දෙනා මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටිනවා.

ඕස්ට්‍රේලියාව බලා යෑමට එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් අය කෙරේ.ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන සෑහෙන පිරිසක් එන්නේ මඩකලපුව ප්‍රදේශයෙනි. මේ පිරිස් බෝට්ටුවට නගින්නේ ගෙදර රන් බඩු උගස් කිරීමෙන් අනතුරුවය. මේ ආර්ථික අර්බුදය පවතිනතුරු මේ බියකරු ගමන සිදුවෙනු ඇත. මෑතකදී මසක් වයසැති දරුවෙක් ඔස්ට්‍රේලියාවට යන බෝට්ටුවක සිටියේය.

අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසුවේ ඔස්ට්‍රේලියාවේ බෝට්ටු ආපසු හැරීමේ ප්‍රතිපත්තිය ඔහුගේ රජය යටතේ වෙනස් වී නොමැති බවයි. “බෝට්ටුවකින් පැමිණෙන ජනතාව මෙහි පදිංචි නොකරනු ඇත. අනෙක් අතට මේ යන ගමනත් නතර නොවෙනු ඇත.

Related Articles