මුරුත්තෙටුවේ  ආනන්ද  හිමියන් මනාප රේන්ජ් රෝවර් වලටයි….

මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් මනාප රේන්ජ් රෝවර් වලටයි….

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් පවසන්නේ තමන් වාහනය ලබා දුන්නේ තිලිණි ප්‍රියමාලි ට නොව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීනි ප්‍රියංකා ජයසේකරට බවයි.

මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් පවසන පරිදි ජපානයේ සිට වාහනයක් ලැබීමට නියමිතව තිබු හෙයින් තමන්ගේ v8 වාහනය ප්‍රියංකා ජයසේකරට ලබාදුන් නමුත් ඇය මෙතෙක් මුදල් ලබා නොදුන් බවයි.

ප්‍රියංකා ජයසේකර පවසන්නේ මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් රෙන්ජ් රෝවර් රථ වලට වැඩි මනාපයක් දක්වන බැවින් V 8 වාහනය ණයක් හිලව් කර ගැනීමට තමන්ට දුන් බවයි.

මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් සමඟ බරපතල ව්‍යාපාරයක් කිරීම සඳහා තමන් මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් සමඟ ණය ගනුදෙනුවක නිරත වූ බවයි. මේ බරපතල ව්‍යාපාරය කුමක්දැයි ජයසේකර මහත්මිය මෙතෙක් හෙළිදරව් කොට නැත.

Related Articles