යනවා  නම් යන්න – නව බ්‍රිතාන්‍ය  අගමැති  සගයින්ට කියයි….

යනවා නම් යන්න – නව බ්‍රිතාන්‍ය අගමැති සගයින්ට කියයි….

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂි සුනාක් තෙවැනි චාල්ස් රජු විසින් නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීමට නියමිතය.

පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී රිෂි සුනාක් ටෝරි මන්ත්‍රීවරුන් ඇමැතූ අතර එම කතාව විනාඩි 10 කට සීමා විය.

එහිදී ඉදිරියේදී ඇති වන අභියෝග හමුවේ කන්සවර්ටිව් පක්ෂය එකමුතුව කටයුතු කළ යුතු බවත් එසේ අකමැති මන්ත්‍රීවරුන් සිටී නම් පිටව යා හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රිෂි සුනාක්ගේ රජයේ නව කැබිනට් මණ්ඩලය අඟහරුවාදා (25) දින පත් කිරීමට නියමිතය.

Related Articles