යුරෝපා ආර්ථික අවපාතයෙන්  ශ්‍රී ලංකාව තවත්  අමාරුවේ…..

යුරෝපා ආර්ථික අවපාතයෙන් ශ්‍රී ලංකාව තවත් අමාරුවේ…..

යුරෝපයේ කලාපයේ ඇති විය හැකි අවපාතයෙන් ශ්‍රී ලංකාවේ අපනයන සහ සංචාරක ක්ෂේත්‍රවලට දැඩි පහරක් එල්ල විය හැකි බව Fitch Ratings අනතුරු අඟවා ඇත . මේ අවපාතය හේතුවෙන් රටේ පවතින විදේශ විනිමය හිඟය තවදුරටත් උග්‍ර විය හැකිය.

උතුරු අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ රටවල් කීපයකට මේ පීඩනය දැඩිව බලපෑමට ඉඩ ඇත. ශ්‍රී ලංකාව වැඩිම අපනයන ආදයමක් ඇමරිකා එක්සත් ජනපදයෙන්ද දෙවනුව බ්‍රිතාන්‍යෙයන්ද ලබා ගනී.

රුසියාවේ සිට යුරෝපයට ගෑස් අපනයන පරිමාවේ මෑත කාලීන තියුනු පහත වැටීම අවපාතය ඇතිවීමට බලපා ඇත.

වසරේ මුල් මාස පහ තුළ, ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායමෙන් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපා සංගමය (EU) සතු විය.

මෙම කාලපරිච්ඡේදය තුළ, ශ්‍රී ලංකාවේ EU වෙත (එක්සත් රාජධානිය හැර) වෙළඳ භාණ්ඩ අපනයනය ආදායම US $ බිලියන 1.19 දක්වා සියයට 4.84 කින් වර්ධනය විය.

ශ්‍රී ලංකාවවේ අපනයන ආදායමෙන් , සියයට 24 ලැබෙන්නේ යුරෝපයෙනි .

මීට අමතරව, ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම තනි අපනයන ගමනාන්තය ලෙස පවතින එක්සත් රාජධානියේ ද අවපාතයක් මතුවෙන් පවතී .

යුරෝපීය සංචාරක ව්‍යාපාරය පහත වැටීමේ තත්වයක්ද මතු වෙමින් පවතී . යුක්රේන ජනාධිපති වරයා මීට ටික දිනකට පෙර කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට රුසියානු ජනාධිපති පුතින් ගේ ක්‍රියා කලාපය බලපා ඇති බවයි . දැන් එම ප්‍රකාශය යතාර්ථයක් බවට පත්වෙමින් පවති.

Related Articles