රසායනික  පොහොර තහනම වැරදි  එත් කිව්වවේ නැත්තේ ගෝඨාභය  ජනාධිපති නිසා  – මහින්දානන්ද…..

රසායනික පොහොර තහනම වැරදි එත් කිව්වවේ නැත්තේ ගෝඨාභය ජනාධිපති නිසා – මහින්දානන්ද…..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ රසායනික පොහාර තනම සුපිර් තීන්දුවක් බවත් ඒ නිසා අස්වනු අඩු නොවන බවත් පවසමින් රට වටා ගිය හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ සමස්ත රටට එකවර රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුව වැරදි බවයි.

තමන් කෘෂිකර්ම ඇමති ලෙස කටයුුතු කළත් තමන්ට පොහොර විෂය නොතිබූ බවත් ඔහු පැවැසීය.

“මහ කන්නයට පොහොර හිඟයක් තිබුණ නිසා නිශ්පාදනයේ විශාල අඩුවිමක් සිදුවුණා ඒකේ තර්කයක් නෑ. වරද තියෙන්නේ රටම එකවර කරපු නිසයි. අපිට තිබුණා කාණ්ඩ වශයෙන් කරන්න. පසුගිය කාලයේ මම තරම් බැනුම් අහපු දේශපාලඥයෙක් මේ රටේ නෑ” යැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. තමන්ට ලොකු අකරතැබ්බයක් සිදුවූ බවයි හිටපු ඇමතිවරයා පවසන්නේ.

අනුන්ගේ දරුවෙකුට උප්පැන්න දෙන්න ගිහින් මම මගේ දරුවෝ ටික පුච්ච ගත්තා. මම කෘෂිකර්ම ඇමති ලෙස දිවුරුම් දෙන කොට පොහොර විශය මට නෑ. පොහොර සඳහා වෙනම රාජ්‍ය ඇමතිවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මොහාන් සිල්වා. අනිත් කෙනා ශෂේන්ද්‍ර රාජපක්ෂ. මේ අමාත්‍යාංශවලට ලේකම්වරු හිටියා. ඒ අයට බලය පවරලා තිබුණා යැයි ඔහු පවසයි.

මීට පෙර කාබනික පොහොර මුවාවෙන් හානිදායක බැක්ටීරියා සහිත චීන පොහොර නැවට මුදල් ගෙවීම සාධාරණී කරණය කල මහින්දානන්ද අළුත්ගමගේ පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසු ආකාරයට වැඩ සිදු නොවූ බවයි.

“ජනාධිපතිතුමා මට කිව්වා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායෙන් තමයි මේක මෙහෙයවන්නේ. මේක බලපාන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පරිසර අමාත්‍යාංශයට. මේකේ ආදීනව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කථා කරනවා.

මේකට වෙනම රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා ඔබතුමා කලබල වෙන්න එපා කිව්වා. මමත් බැලුවා මගේ විශයට අදාළ නෑ. අවසානයේදී ජනාධිපති කාර්ය සාධක බලකාය එක දවසකවත් රැස්වෙලත් නෑ. පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය වචනක් කතා කරලත් නෑ.

රාජ්‍ය අමාත්‍යවරු කථා කරලත් නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මට මේ වෙනුවෙන් පෙනී සිටින්න සිදු වුණා. කිසිම අසූචි නැවක් ගැන මම වග කියන්නේ නෑ. මොකද මට ඒක අදාළ නැ.”

රසායනික පොහොර තහනම අලකලංචියක් බව දැන දැනත් මහින්දානන්ද අළුත්ගමගේ හෙළිදරව්වක් නොකළ හේතුවක් විය.

“පොහොර ආනයනය කිරීම, බෙදා හැරීම ගැන මට වගකීමක් නෑ. මම මෙතෙක් කල් ඒක කිව්වේ නෑ මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවෙලා හිටපු නිසා.”

Related Articles