රසායනික මත මුසු  ලිංගික ක්‍රියා වැඩිවේ….

රසායනික මත මුසු ලිංගික ක්‍රියා වැඩිවේ….

රසායනිකව උත්තතේජිත ලිංගිකත්වය (CHEMSEX ) ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් වලට ගොදුරුවන තරුණ තරුණියන්ගේ ගණන ඉහල යමින් පවතී. ලිංගික අත්දැකීම් පහසු කිරීමට, දිගු කිරීමට සහ/හෝ තීව්‍ර කිරීමට ලිංගික ක්‍රියාකාරකම් වලට පෙර හෝ අතරතුර ඇතැම් ද්‍රව්‍ය භාවිතා කිරීම CHEMSEX ලෙස අර්ථ දැක්වේ.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසන ආකාරයට වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ තරුණියන් අතර රසායනිකව උත්තේජිත ලිංගික ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවයි.

මත් වීමෙන් පසු සිදුවෙන සම රිසි ලිංගික හැසිරීම් හේතුවෙන් ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් ආසාදනයන් වැඩිවී ඇති බව වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසයි.

මත්වීම සඳහා මෙතම්ෆෙටමින් (අයිස්) වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන කණ්ඩායම් එහි භයානක බව නොදැන කෙම්සෙක්ස්වල නිරත වෙති. මෙවැනි කණ්ඩායම් බොහොමයක් බස්නාහිර පළාතේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙන බව දැන ගන්නට ඇත.

රසායනිකව උත්තතේජිත ලිංගික ක්‍රියා වල යෙදී එච්.අයි.වී., ගොනෝරියා සහ සිෆිලිස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනයවී තමන් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් බොහෝ විට එවැනි රෝගයකට ගොදුරු වූ ආකාරය හෙළි නොකරන බවයි වෛද්‍ය හෙට්ටිආරච්චි කියා සිටියේ.

Related Articles