රිදෙනවා නම් අම්මට එන්න කියාපන් -පස් හැවිරිදි දරුවාගේ බෙල්ලට පිහිය තැබූ පියා…

රිදෙනවා නම් අම්මට එන්න කියාපන් -පස් හැවිරිදි දරුවාගේ බෙල්ලට පිහිය තැබූ පියා…

කුලියාපිටියේ විසු ඔහුගේ බිරිඳ රට රැකියාවකට ගියේ ඔහුගේ අනුමැතිය ඇතුව නොවේ. බිරිඳ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔහු භාවිතා කළේ පාපතර උපක්‍රමයකි. තම පස් හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා ඝාතනය කරන බවට තර්ජනය කරමින් වීඩියෝ කර බිරිඳට යැවීය.

දරුවා මර බයෙන් රිදෙනවා යැයි කියූ විට මේ පියා පැවසුවේ අම්මට එන්න කියපන් යනුවෙනි. අසරණ වූ දරුවා අම්මේ එන්න යැයි කියයි.

බිරිඳ විදේශගතවී මාස තුනක් ගතවී ඇති අතර ඇයව ගෙන්වා ගැනීම සඳහා කළ මේ ක්‍රියාව අසල්වාසීන් විසින් දැඩි දෝෂදර්ශනයට ලක්කොට ඇත. මෙම පුද්ගලයා විසින් එම වීඩියෝව බිරිඳට සහ ඇයව විදේශගත කිරීමට පහසුකම් සැපයූ ආයතනයට යැවු බව පොලිසියට ආරංචි වු වහාම කුලියාපිටිය පොලීසිය විසින් මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මරණ බියෙන් සලිතව කෑගසන ඒ දරුවා මුහුණ දුන් අත්දැකීම කිසිදු දරුවෙක් මුහුණ දිය යුතු අත්දැකීමක් නොවන බව ප්‍රදේශවාසීහු පවසති.

Related Articles