රෝහල්  විදුලි බිලට  පැලැස්තරයක්….

රෝහල් විදුලි බිලට පැලැස්තරයක්….

අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතනවලට නොගෙවූ විදුලි බිල්පත් පියවීම සඳහා සහන කාලයක් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

නොගෙවූ බිල්පත් හේතුවෙන් ඔක්තෝම්බර් 26 වන දින රෝහලේ ආපනශාලාව සහ ආරක්ෂක සේවා සඳහා විදුලිය විසන්ධි වී තිබින.

වාර්තා වන අන්දමට රෝහලට ආසන්න වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) හිඟ විදුලි බිල මිලියන 30 කි.

විදුලි බිල්පත් සඳහා රුපියල් මිලියන 8 ක් ලංකා විදුලි බලා මණ්ඩලයට ගෙවීමෙන් අනතුරුව විදුලිය යලි ලබාගත් බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

රිජ්වේ ආර්යා රෝහලේ බිල්පත් නොගෙවීම හේතුවෙන් අවස්ථා දෙකකදී විදුලිය විසන්ධි වී ඇති අතර පැලැස්තර දමමින් මේ ගැටළුව විසඳීමට උත්සාහ
කිරීම හේතුවෙන් අනාගතයේදී බරපතල ගැටලුවක් උද්ගත විය හැකි බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

Related Articles