ලංකාව උතුරු කොරියාවක්  කරන්න හදන්නේ මහ බැංකු  නිලධාරින්….

ලංකාව උතුරු කොරියාවක් කරන්න හදන්නේ මහ බැංකු නිලධාරින්….

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ට ශ්‍රී ලංකාව උතුරු කොරියාවක් කිරීමට අවශ්‍ය වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසන්නේ අගමැතිවරයා ඩොලර් ගෙනෙන වයාපෘති සියල්ල කඩා කප්පල් කරන බව ඇමති ධම්මික පෙරේරා චෝදනා කරන අතර වාරයේදීය .

අගමතිවරයා පාර්ලිමේතුවේදී උතුරු කොරියානු කථාව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ප්‍රතිචාර දක්වමින්ය. දැනට බලපවත්වන විදේශ විනිමය පනත හේතුවෙන් විදේශ විනිමය ශ්‍රී ලංකාවට නොගෙනෙන අපනයන කරුවන්ට නීතිමය පියවරක් ගැනීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙන බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

” කවුරු හරි විදේශ විනිමය උපයනවා නම් ඒවා ලංකාවට එවිය යුතුයි. විදේශ විනිමය ගෙනාවේ නැති කෙනෙකුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න උසාවියට ගියාම මහ බැංකු නිලධාරීන් අසරණ වුණා. මේ වගේ අර්බුදකාරී අවස්ථාවක පනතට අත තියලාවත් නැහැ. එය 22A ට වඩා ප්‍රමුඛත්වය දිය යුතුය. සංශෝධනය නොකරන්නේ ඇයි? යැයි විමල් වීරවංශ මහතා ප්‍රශ්න කළේය.

අගමැතිවරයා කියා සිටියේ තමන්ගේ පාලන කාලය තුල කළ සංශෝධන හේතුවන් රටට වැඩිපුර විදේශ විනිමය ලැබුනු බවයි .

අනිත් හැම රටකම තියෙන නීතියක් අපි ගෙනවිත් මුදල් ආපසු ගන්න නීති සකස් කළා. ඒ නීතිය වෙනස් එකක් නොව ලෝකයේ සෑම රටකම පවතින සමාන්තර නීතියකි. ඒ ගැන ඔබටත් මටත් වෙනස් මතයක් තිබිය හැකි නමුත් මේ නිසා රටට එන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ ගියා යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය .

පවතින නීතිය දැනට රටට ගැලපෙන බවත්, දැනට අත්වී තිබෙන ගැටළු මහ බැංකු නිලධාරීන් ගේ පරිපාලන ගැටළු බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

“ඇත්තටම මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ට පරිපාලනය පිළිබඳ ගැටලුවක් තිබෙනවා. ඔවුන්ට උතුරු කොරියාවේ ජීවත් වීමට අවශ්‍යයි. මට ඒකට එකඟ වෙන්න බැහැ යැයි. අගමැති වරයා පැවසීය.

Related Articles