ලිංගික  ආශාව අවුළුවන  අහර තිබේද ?

ලිංගික ආශාව අවුළුවන අහර තිබේද ?

සමතුලිත ආහාරවේලක්, ක්‍රියාශීලී ජීවන රටාවක් සහ යහපත් මානසික සෞඛ්‍යය ලිංගික ජීවිතය වැඩි දියුණු කරන බවට සැකයක් නැත. වාජීකරණ ගුණයක් සහිත ආහාර තිබේද යන්න විවිධ මත ඇතත් ඒ සියල්ල ලිංගික ජවය වර්ධනයෙහිලා දායක වන්නේද පිළිබඳව සීයට සීයක්ම
තහවුරු කරගත නොහැක.

වාජීකරණ ගුණයක් ඇතැයි පැවසෙන ආහාර පිළබඳව මත සෑම සමාජයකම ඇත. මේ ඒ අතුරින් කීපයකි. සැබැවින්ම ලිංගික ජීවිතයේ වර්ධනයක් සිදු කෙරෙන්නේද? නැද්ද? යන්න සැලකිල්ලට ගනිමු.

මුහුදු ආහාර ලිංගික උත්තේජනය ඇති කරන බවට විශ්වාසයක් ගොඩ නැගී ඇතර, මොලුස්කා (Molluscs) ගණයට අයත් එම අනර්ඝ මුහුදු ආහාරවල පුරුෂ හෝර්මෝන නිෂ්පාදනයට අවශ්‍ය ‘Zinc’ ඛනිජ ලවණය අන්තර්ගත වේ.

‘Zinc’ ඛනිජ ලවණය, පුරුෂ මඳසරුභාවයට පිළියමක් මෙන්ම ගුණාත්මක ශුක්‍රාණු වර්ධනයට උපකාරී වෙන බව තහවුරු වී ඇත. මුහුදු බෙල්ලන් වර්ග, රතු මස්, වට්ටක්කා ඇට සහ තල මෙන්ම ආසියානු රටවලට ආවේනික ‘හෙම්ප්’ (Hemp) නමැති පැළෑටියේ ශාරීරික උත්තේජකාරී බීජ, කජු සහ ආර්මන්ඩ් වැනි විවිධ ඇට වර්ගත්, එසේම කඩල, කිඩ්නි බීන්ස් (Kidney beans) එළකිරි සහ චීස් සිරුරට ‘Zinc’ සපයන ප්‍රමුඛ ආහාර වර්ග වෙති.

චොක්ලට් සහ ලිංගික ක්‍රියාකාරකම් අතර සම්බන්ධයක් ඇති බවට විශ්වාසයක් ඇත. සැමන්, බිත්තර, කුරුළු මසින් සැකසූ ආහාර, නිවිති, බීජ හා ඇටවර්ග සහ සෝයා නිෂ්පාදන ‘Tryptophan’ නම් අමිනෝ ඇසිඩ් අම්ලය අඩංගු තවත් ආහාර වර්ගයක්වන් අතර මේ අම්ලය ලිංගික උත්තේජනය ඇති කරයි.

මිරිස් ශරීරගත වීමත් සමග ‘Capsaicin’ රසායනයේ බලපෑමෙන් සිතේ සතුට සහ ලිංගික හැගීම් අව්ලුවන බවට මතයක් පවතී. ලිංගික සංසර්ගයේ දී ඇතිවෙන ශාරීරික පරිවෘත්තීය ක්‍රියාදාමයේ (metabolism) වේගවත් වීම, සිරුරේ උණුසුම ඉහළ යාම සහ හෘද ස්පන්දනය වේගවත්වීම වැනි තත්ත්වයන් මිරිස් කෑමෙන් පසුවත් සිදුවිය හැකිය.

ශාක මගින් ලබා ගන්නා ‘ෆ්ලේවෝන්'(flavonoids) රසායනය බහුල ආහාර ලිංගික බෙලහීනතාව (ED) අවම කර ගැනීමේ මාවතක් ලෙස පර්යේෂකයෝ හඳුනා ගනිති.

‘බ්ලූ බෙරි’ පළතුරෙන් හමු වී ඇති ‘ඇන්තඋසෛනන්’ (anthocyanin) රසායනය සහ ‘සිට්‍රස්’ පවුලේ වෙනත් පළතුරු වර්ගත් ලිංගික බෙලහීනතාව (ED) වළක්වා ගැනීමේ උපකාරක ආහාර වෙති.

පළතුරු වැඩියෙන් අනුභවය ලිංගික බෙලහීනතාව( 14% කින් අවම කර ගැනීමට හේතුවෙන අතර,ඒ සමග ‘ෆ්ලේවෝන්'(flavonoids) රසායනය බහුල ආහාර පරිභෝජනය සහ ශාරීරික ව්‍යායාම මගින් එම දුබලතාව 21% කින් අඩුකර ගත හැකිය.

සිවිය සහිත ධාන්‍ය වර්ග, පළතුරු, එළවලු, මෑ – බෝංචි වැනි රනිල කුලයේ ආහාර, ආර්මන්ඩ් සහ වෝල්නට්ස් වැනි ඇට වර්ග සහ ඔලිව් තෙල් ඇතුළත් මධ්‍යධරනී ශෛලියේ ආහාර වේල් ලිංගික බෙලහීනතාව (ED) අවම කර ගැනීමට සහ ලිංගික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට උදව් වෙන බව ඇතැම් පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඒ සඳහා ඉවහල් වෙන තවත් සුදුසු ක්‍රියාමාර්ගයක් වන්නේ ‘ඇන්තඋසෛනන්’ (anthocyanin) වර්ණක අන්තර්ගත බ්ලැක් බෙරි, බ්ලැක් කරන්ට්ස්, රාස්බෙරි, සමහර මිදි වර්ග, වම්බටු සහ ගෝවා ආහාරයට එක්කර ගැනීමය.

කොමඩු ලේ සංසරණය වැඩි දියුණු කොට ලිංගික උත්තෙ තෙජනය වැඩි කරන් අතර කෙසෙල් වලින් ලැබෙන පොටෑසියම් ලිංගික ක්‍රියාකාරීත්වට හිතකරය , සෝයා කාන්තා ලිංගිකත්වයට හිතකර වන්නේ ඊස්ට්‍රජන් වලට හිතකර හෝමෝන නිපදවන බැවිනි.

ආයුර්වේදයට අනුව වාජීකරණ ප්‍රතිකාර ක්‍රම සඳහා ඒ ඒ පුද්ගලයන්ට අනුව විවිධ ඖෂධ භාවිත කෙරෙනවා. වැල් පෙනෙල, හාතාවාරිය, අමුක්කරා, කංසා, අබිං වැනි ඖෂධ වාජීකරණ හැකියාවන් වර්ධනය කරයි.

Related Articles