ලෝක කුසලාන තරඟයේ  විනිසුරු -තීරක  මඩුගල්ලේ….

ලෝක කුසලාන තරඟයේ විනිසුරු -තීරක මඩුගල්ලේ….

එංගලන්තය සහ පාකිස්තානය අතර ඉරිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (MCG) පැවැත්වෙන පිරිමි T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස ම්රයිස් එරාස්මුස් සහ කුමාර් ධර්මසේන කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සිකුරාදා නිවේදනය කළේය.

පාකිස්තානය සහ නවසීලන්තය අතර සිඩ්නි ක්‍රිකට් පිටියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේ පිටියේ විනිසුරුවරයා ලෙස ඉරැස්මස් කටයුතු කළ අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ පිටියේ විනිසුරුවරයා ලෙස ධර්මසේන කටයුතු කළේය.

අවසන් තරගයේ රූපවාහිනී විනිසුරුවරයා ලෙස ක්‍රිස් ගෆනි කටයුතු කරන අතර සිවුවැනි විනිසුරුවරයා ලෙස පෝල් රීෆල් කටයුතු කරයි. අවසන් මහා තරග‍ යේ තරග තීරක රංජන් මඩුගල්ල විසින් අධීක්ෂණය කරනු ලබයි.

Related Articles