විදෙස් ගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට  බලපත්‍ර…..

විදෙස් ගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට බලපත්‍ර…..

විදේශ විනිමය එවන විදෙස්ගත ශ්‍රමිකයින්ට විදුලි වාහන බලපත්‍ර ලබදෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා විදේශගත ශ්‍රමිකයින් සඳහා ක්ෂණික දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇත.

මැයි පළමුවෙනිදා සිට දෙසැම්බර් මස් 31වෙනිදා දක්වාවූ කාලය තුල ශ්‍රී ලංකාවට ඩොලර් විසිදහසකට නොඅඩු මුදලක් එවන් විදේශ ගත ශ්‍රමිකයින් මේ සඳහා සුදුසුකම් ලබන බව ප්‍රකාශකයෙක් ලංකා නිව්ස් ලයින් වෙත පැවසීය.

සුදුසුකම් ඇති අයට +94773 039 034 හෝ +94112368175 ඔස්සේ ප්‍රදබෝධ කග්ගොඩ ආරච්චි අමතා හෝ +94112582447 වෙතින් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය .

විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අගෝස්තු 31 වැනි දින චක්‍රලේඛයක් නිකුත් කළේ විගමණික ශ්‍රමිකයන්ට විදුලි වාහනයක් ආනයනය කිරීමට අවසර දෙමින් විධිමත් මාර්ග ඔස්සේ මුදල් ප්‍රේෂණය කිරීම දිරිගැන්වීමේ උත්සාහයක් වශයෙනි.

සංක්‍රමණික සේවකයන්ට ඩොලර් 65,000ක උපරිම වටිනාකමක් දක්වා වාහනයක් ආනයනය කිරීමට අවසර ලබාදීමට අමාත්‍ය නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මෙම තීරණයට අනුව, 2022 මැයි 1 සිට 2023 අප්‍රේල් 30 දක්වා ඩොලර් 3,000 ට වැඩි සහ ඩොලර් 20,000 ට අඩු මුදලක් එවන සංක්‍රමණික සේවකයින්ට ප්‍රේෂණ ලෙස එවන වටිනාකමෙන් අඩකට විදුලි රෝද රථ ආනයනය කිරීමට අවසර දෙනු ලැබේ.

නානායක්කාර පැවසුවේ දැනට රට තුළ ඇති ත්‍රිරෝද රථ ප්‍රමාණය සැලකිල්ලට ගෙන ත්‍රිරෝද රථ ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බවයි.

වසරක් ඇතුළත USD 20,000කට වඩා එවන අයට උපරිම වශයෙන් ඩොලර් 65,000ක් දක්වා එවන මුදලේ වටිනාකමට විදුලි මෝටර් රථයක් මිලදී ගත හැකිය.

අදාළ වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීම සඳහා වන අයදුම්පත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) වෙබ් අඩවියේ පළ කර ඇත.

අයදුම්පත් සම්පුර්ණ කර අදාළ සියලුම ලියකියවිලි සමඟ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය.

Related Articles