විදෙස්  ශ්‍රමිකයින්  16% වැඩියෙන් මුදල් එවලා…….

විදෙස් ශ්‍රමිකයින් 16% වැඩියෙන් මුදල් එවලා…….

විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය මේ වසරේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 16.4% කින් ඉහළ ගොස් ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචි වී ඇති ශ්‍රමිකයින් සංඛ්‍යාව 200,000 ඉක්මවා ඇති බව ද ඔහු පැවසීය.

අමාත්‍යවරයාට අනුව ජූලි මාසයේදී ඩොලර් මිලියන 279ක් වූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 325 දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් තිබේ.

නීත්‍යානුකූලව බැංකු පද්ධතිය හරහා මුදල් එවූ සෑම විදේශගත ශ්‍රමිකයෙකුටම තම ස්තූතිය පුදකරන බවත් රට විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ විදේශගත ශ්‍රමිකයන්ගේ සහයෝගය සියලුම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ වසරේ ශ්‍රමිකයන් 300,000ක් විදේශ රැකියා සඳහා යැවීමේ ඉලක්කයක් තිබූ අතර රැකියා අපේක්‍ෂකයන්ගේ සහ ශ්‍රමය සඳහා විදෙස් රටවල් වලින් ඉහළ ඉල්ලුමක් ලැබීම හේතුවෙන් එම ඉලක්කය 330,000 දක්වා වැඩි කර ඇති බව ඔහු පැවසීය.

Related Articles