විල්පත්තුවට පල්ලකණ්ඩල් පල්ලිය නිසා අහිතකර පාරිසරික බලපෑම්…..

විල්පත්තුවට පල්ලකණ්ඩල් පල්ලිය නිසා අහිතකර පාරිසරික බලපෑම්…..

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පිහිටි ‘පල්ලකණ්ඩල්’ පල්ලිය අක්කර කලක පමණ පිහිටි කුඩා පල්ලියකි. පුත්තලම් කලපුව ආසන්නයේ විසු ධීවර ජනතාව තම ආගමික කටයුතු සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේම කොටසක් සේ සැලකුනු මේ පල්ලිය භාවිතා කිරීම බරපතල ගැටළුවක් නොවුයේ ජනගහනය සීමිත වූ බැවිනි.

විල්පත්තුව හරහා වැටී තිබෙන අනවසර මාර්ගයන් ඔස්සේ ‘පල්ලකණ්ඩල්’ පල්ලිය කරා පැමිණෙන බැතිමතුන් වැඩවීම හේතුවෙන් සිදුවෙන පාරිසරක බලපෑම් වැඩිවී තිබේ.

ගරාවැටුණු පල්ලිය කෙමෙන් පිළිසකර කිරීමටත් ඒ මුවාවෙන් තවත් ගොඩනැගිලි ස්ථිර පදනමින් ඉදිකරන්නටත් එහි පාලනාධිකාරිය කටයුතු කරන බවයි
පරිසරවේදී ධනුෂ්ක සිල්වා පෙන්වා දෙන්නේ.

පල්ලකණ්ඩල් පල්ලිය අවට භූමියට එකතු වන පොලිතීන් ප්ලාස්ටික් ඇතුලු ආගන්තුක අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කිරීම සදහා පාලනාධිකාරිය උත්සහ කළත් එම උත්සහය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පරිසරවේදී ධනුෂ්ක සිල්වා පවසයි.

පල්ලියේ මංගල්‍යය දිනවලදී රථවාහන විශාල ප්‍රමාණයක් වනෝද්‍යානය තුළට පැමිණිමෙන් ශබ්ද දූෂණය මෙන්ම වායු දූෂණය සිදුවෙන් අතර ජාල මුලාශ්‍ර වලටද හානි සිදුවේ.

මෙම පල්ලකණ්ඩල් කතෝලික පල්ලිය ආසන්නව පිහිටා ඇති පොම්පරිප්පු ප්‍රදේශය අතිශය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ප්‍රදේශයකි. ප්‍රදේශයේ අක්කර 3-4 පුරා පිහිටා ඇති පොම්පරිප්පුව ආදි මානව සුසාන භුමිය ශ්‍රී ලංකාවේ ගල් යුගයේ ආදි මානවයන්ගේ ජිවන රටාවන් පිලිබඳ සාක්ෂි සපයයි. මෙලෙස පාලනයකින් තොරව වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණීම එකී පුරාවිද්‍යාත්මක ස්ථානයන්ගේ පැවැත්මට ද තර්ජනයක් එල්ල කරයි.

මේ පිළිබඳව අධිකරණයේ පෙත්සමක් විභාග වෙමින් පවතී.

Related Articles