ශ්‍රී ලංකාව සමරිසි ලිංගික  අයිතිවාසිකම් පිළිගන්න දිනය අත ලඟද ?

ශ්‍රී ලංකාව සමරිසි ලිංගික අයිතිවාසිකම් පිළිගන්න දිනය අත ලඟද ?

පසුගිය සතියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා විසින් සමරිසි ලිංගික අයිතිවසිකම් වලට බාධා කරන
වගන්ති දෙකක් සංශෝධනය කිරීමට කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණි.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 අ වගන්ති සංශෝධනය කිරීමට කෙටුම්පතක් ඉදිරිපත් කරන්නේ වැඩිහිටි පුද්ගලයන් අතර කැමැත්තෙන් සිදුවෙන ආදරණීයමය, ලිංගිකමය සහ අධ්‍යාත්මික සම්බන්ධතාවන් නීතිය මගින් පාලනයට ලක් කළ යුතු හෝ දඬුවම් ලබානොදිය යුතු දෙයක්ය යන මතයේ සිටය.

අන්තර්ජාතික මනෝ විද්‍යා සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ශ්‍රී ලංකාවේ විද්වත් මනෝ චිකිත්සකවරුන්ගේ සංගමය පවා තහවුරු කර ඇති පරිදි සමරිසි පුද්ගලයකු හෝ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයකු වීම අතිශයින්ම සාමාන්‍ය තත්ත්වයකි.

1883 දී දණ්ඩ නීති සංග්‍රහය හඳුන්වා දුන් දා පටන් සමරිසි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, පොලිස් හිංසනයට ලක්වීම, අධිකරණයට පැමිණවීම සිදු වී ඇත.

විවිධ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ශාරීරික හා මානසික වධ හිංසාවලට ලක්වීම මෙන්ම සමහර අවස්ථාවලදී අමානුෂික හා කෲර සහගත ලෙස සැලකිය හැකි වෛද්‍යමය පරීක්ෂණවලට පුද්ගලයින් ලක් කෙරෙන බව වාර්තා වී ඇති අතර මේ තත්වය වලක්වා ගැනීමට පියවර ගත යුතු බවයි මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ.

Related Articles